GovPay හරහා Online රථවාහන දඩ ගෙවීමේ නියමු ව්‍යාපෘතිය ඇරඹෙයි

0
18


ශ්‍රී ලංකා පොලීසිය ඩිජිටල්කරණය කිරීමේ ව්‍යාපෘතියක් ලෙස GovPay හරහා රථවාහන වැරදි සඳහා ක්ෂණික දඩ මුදල් Online ගෙවීමේ නියමු ව්‍යාපෘතිය අද (11) ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව අද (11) සිට ලබන 30 වනදා දක්වා කුරුණෑගල, දොරටියාව, මැල්සිරිපුර, ගොකරැල්ල, ගලේවෙල, දඹුල්ල, මඩාටුගම, මරදන්කඩවල, කැකිරාව, තිරිප්පනේ, කවරක්කුලම හා අනුරාධපුර යන ප්‍රදේශවල මාර්ග ආවරණය වන පරිදි මෙම නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මකයි.

මෙම නියමු ව්‍යාපෘතිය තුළින් සිදුවන අපහසුතා හා අඩුපාඩු හඳුනාගෙන ඒවා සකස්කර ගැනීමෙන් අනතුරුව දිවයින පුරා මෙය ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි පොලීසිය සඳහන් කළේ.

මේ හරහා Online ක්‍රමයට දඩ මුදල් ගෙවූ පසු ඒ පිළිබඳ ලැබෙන SMS පණිවිඩයකින් අදාළ පොලිස් නිලධාරීයා තහවුරු කර ගැනීමෙන් අනතුරුව, එම අවස්ථාවේදීම රියදුරු බලපත්‍රය මුදාහරින බැවින් මහජනතාවට අපහසුතාවකින් තොරව සේවාව ලබාදීමට හැකි බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.

 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here