GMOA විරෝධතා නොතකා පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් සඳහා 96%ක් අයදුම් කරයි – Saru News | සිංහල

0
5

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් දියත් කළ විරෝධතාද නොතකා පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් සඳහා 96%ක් අයදුම් කර තිබේ.

මේ සඳහා අයදුම්පත් කැඳවීමේ කටයුතු සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් නියම කර තිබූ පරිදි අද (04) මධ්‍යහ්න 12.00ට අවසන් කරන ලදී.

ඒ අනුව සීමාවාසික පුහුණුව අවසන් කළ වෛද්‍යවරුන් 453 දෙනෙකු අතුරින් 435 දෙනෙකු ඊට අයදුම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.

මෙම වෛද්‍ය නිලධාරීන් පත්වීම් සඳහා ඉල්ලුම් කර ඇති ආකාරය සහ ඔවුන්ගේ කුසලතා ලේඛනය (Merit List) පදනම් කර ගනිමින් නව රෝහල් සහ සෞඛ්‍ය ආයතන වෙත අනුයුක්ත කිරීමේ කටයුතු ඉදිරියේදී සිදු කිරීමට නියමිතය.

විනිවිදභාවයකින් යුත් විද්‍යාත්මක ක්‍රමවේදයක් යටතේ සිදු කෙරෙන මෙම අනුයුක්ත කිරීම් හරහා දිවයින පුරා පවතින වෛද්‍ය අවශ්‍යතාවයන් සපුරාලීමට අමාත්‍යාංශය අපේක්ෂා කරයි.

තෝරා ගන්නා ලද අයදුම්කරුවන්ගේ නාමලේඛනය, ඔවුන් අනුයුක්ත කරන ලද සේවා ස්ථාන, සේවයට වාර්තා කළ යුතු දිනය පිළිබඳ විස්තර ඉදිරියේදී කඩිනමින් ප්‍රකාශයට පත් කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශ වැඩිදුරටත් නිවේදනය කරයි.


2

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here