GMOA වැඩවර්ජනයක්!

0
2

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:හෙට (31) උදෑසන 08.00 සිට දීප ව්‍යාප්ත එක් දින සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිවේදනය කරයි.

කිසිදු විමසීමකින් තොරව නීතිවිරෝධිව දේශපාලනික අරමුණකින් යුතුව වෛද්‍ය ස්ථාන මාරුකිරීම් සිදුකර ඇති බවත් එය දැඩි ලෙස හෙළා දකින් බවත් එම සංගමය පවසයි.

මෙම ස්ථාන මාරුකිරීම් ක්‍රමවේදයට විරෝධය පෑම සඳහා මෙලෙස හෙට දිනයේ දී උදෑසන 08.00 සිට දීප ව්‍යාප්ත එක් දින සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ මෙම ස්ථාන මාරුකිරීම් සඳහා ලයිස්තුවක් සාදා ඇති බවත් මින් පෙර එවැන්නක් සිදුකර නොමැති
බවත්ය.

කෙසෙවෙතත් හදිසි ප්‍රතිකාර නිසි පරිදි සිදුකරන බව ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියා සිටියි.

The post GMOA වැඩවර්ජනයක්! appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here