GMOA පවුල් සෞඛ්‍ය සායනත් වර්ජනය කිරීමට සැරසෙයි… – Saru News | සිංහල

0
2

දිවයින පුරා පවුල් සෞඛ්‍ය සායන වර්ජනය කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) සූදානම් වෙමින් සිටින බව වාර්තා වේ.

කුඩා දරුවන් එන්නත්කරණය සහ ගැබිණි සායන ඇතුළු පවුල් සෞඛ්‍ය සායන නැවැත්වීමේ මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය සූදානම් කිරීම සඳහා එළැඹෙන 11 වැනි දින දිවයින පුරා රාජකාරි කරනු ලබන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සහ අතිරේක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් GMOA මූලස්ථානයට කැඳවීමට කටයුතු කරන බව පසුගිය 06 වෙනිදා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් GMOA විසින් ප්‍රකාශ කොට තිබිණි.

මෙතෙක් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය(GMOA) විසින් ගෙන ගිය වෘත්තිය ක්‍රියාමාර්ගවලට රජය ප්‍රතිචාර නොදැක්වූ නිසා වෘත්තීය ක්‍රියාමාර්ග තීව්‍ර කිරීමේ අරමුණ මෙම පියවර ගැනීමට කටයුතු කරන බවද ඔවුන් එම මාධ්‍ය නිවේදනයෙන් දන්වා සිටියි.

එදා මෙදා තුර කිසිදු වෛද්‍ය සංගමයක් විසින් පවුල් සෞඛ්‍ය සායන නැවැත්වීමේ උත්සහයක් ගෙන නොමැති බව මේ අතර අනාවරණය වේ.


2

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here