සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ආරම්භ කළ නව ව්‍යාපෘතියක් වන, ආරෝග්‍යා ව්‍යාපෘතියෙන් මාර්තු 2වෙනිදා සිට ඉවත්වීමට මධ්‍යම කාරක සභාව ඒකමතික තීරණය කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය හංසමාල් වීරසූරිය මහතා පවසයි.
සිය ඉල්ලීම්වලට රජයෙන් මේ වන තෙක් යහපත් ප්‍රතිචාර නොලැබීම හේතුවෙන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩව සිදු කරන බව ද වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
එමෙන්ම රෝගී ජනතාව සමග මෙම ගැටලුව විසඳා ගැනීමේ අවශ්‍යතාවයක් නොමැති බවත්, ඔවුන්ට අවම හිරිහැරයක් වන අයුරින් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ග සිදු කරන බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
තම සංගමය මේ සම්බන්ධයෙන් උපරිම නම්‍යශීලී ලෙස කටයුතු කළ ද රජය සිය ඉල්ලීම් පිළිබඳව යහපත් ප්‍රතිචාරයක් නොදැක්වීම කනගාටුවට කරුණක් වන බවද වෛද්‍ය හංසමාල් වීරසූරිය මහතා සඳහන් කළේය.
Saru News
















