G7 මුදල් ඇමතිවරු රැස්වීමට තීරණය කරති… බොරතෙල් මිල $ 13කින් පමණ අඩුවෙයි… – Saru News | සිංහල

0
3

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල 2022 වසරෙන් පසු ප්‍රථම වතාවට බැරලයක් ඩොලර් 100 සීමාව ඉක්මවා යාම හේතුවෙන්, ඒ පිළිබඳ සාකච්ඡා කිරීමට G7 රටවල මුදල් ඇමතිවරුන් හදිසි රැස්වීමක් පැවැත්වීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එහිදී පවතින මිල ඉහළ යාමට පිළියමක් ලෙස හදිසි ඉන්ධන සංචිත මුදාහැරීමේ යෝජනාවකට එකඟ වීම සඳහා ඔවුන්ගේ අවධානය යොමුව ඇති බවද එම මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

අමෙරිකාව මෙම යෝජනාව සඳහා දැනටමත් සහයෝගය පලකර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, එක්සත් රාජධානිය හා අමෙරිකා එක්සත් ජනපදය, G7 රටවලට අයත් වේ.

කෙසේවෙතත් එම වාර්තා පලවීමත් සමග ලෝක වෙළෙඳපොලේ ඉන්ධන මිල ඩොලර් 117.65 සිට ඩොලර් 104ක් දක්වා ඩොලර් 13කට වැඩි මිලකින් පහළ වැටී ඇති බවද වාර්තා වේ.


3

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here