FCIDය හැරිසන්ගෙන් පැය 7ක් හරක් ගැන අහලා

0
13

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය ඊයේ (27) හිටපු අමාත්‍යවරයකු වන පී. හැරිසන්ගෙන් පැය 7කට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

ඔහු අමාත්‍ය ධූරය දැරූ සමයේ ඔස්ට්‍රේලියානු සමාගමකින් කිරි ගවයන් ගෙන්වීමේ සිද්ධියකට අදාළ විමර්ශනයකට ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා ඊයේ ඔහුව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවට කැඳවා තිබුණි.

අදාළ සමාගමට ඩොලර් මිලියන 11.09ක මුදලක් ගෙවූවද එකඳු කිරි ගවයකුවත් මෙරටට ගෙන්වා නොමැති බව විමර්ශන නිලධාරීහු සඳහන් කරති.

ඒ අනුව ඔහු විසින් රජයට අදාළ මුදල පාඩු කළ බව කියන සිද්ධියට අදාළව මෙම විමර්ශනය සිදුකෙරෙන බව උසස් පොලිස් නිලධාරියකු සඳහන් කළේය.

📌සබැඳි පුවත්

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here