වල්ලපට්ටා විකිණීම සඳහා මුහුණු පොතේ දැන්වීමක් දමා තිබූ බව කියන පුද්ගලයකු වල්ලපට්ටා කිලෝ 01 ග්‍රෑම් 650 ක් සමග කළුතර කොට්ඨාස දූෂණ මර්දන අංශයේ නිලධාරින් විසින් ඉකුත් 22 වැනිදා අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු කළුතර, බෝම්බුවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මුහුණු පොතේ පළ කර තිබූ දැන්වීම ඔස්සේ උපායදූතයින් යොදවා කළ මෙහෙයුමේදී මොහු අත්අඩංගුවට ගෙන තිබේ .
මෙම සැකකරු වැඩිදුර පරික්ෂණ සඳහා දොඩන්ගොඩ පොලිසියට භාරදී ඇති අතර ඔහු මතුගම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
Saru News








