Fashion කරන්න ඕනම කෙනෙක් ආස වුණාට, Fashion කරන එකම ජීවිතේ කරගත්ත කට්ටියත් ඉන්නවනෙ.
කාලෙන් කාලෙට එන එක එක ජාතියේ Fashion කරන අය ගැන නෙවෙයි මේ කියන්නෙ. තමන්ට ගැලපෙන, කාලෙටත් ගැලපෙන Fashion කරන අය ගැන.
ඉතින් අපි හිතුව අද ආටිකල් එකෙන් Fashion කරන, Fashion කරන්න ආස අය අනිවාර්යෙන්ම දැනගෙන ඉන්න ඕන Fashion Tips කිහිපයක් ගැන කතා කරන්න.
මේව මේ මහ ලොකු දේවල් නෙවෙයි. ඔයා දැනටමත් කරන දෙයක් වෙන්න පුලුවන්. ඒ උනාට මේ පුංචි කරුණු සම්පූර්ණ කරගත්තොත් ඔයා Fashion Master කරපු කෙනෙක් වගේ කියල ඕනම කෙනෙක් හිතාවි.
ඔයා මොන විදියෙ Fashion වලට කැමති කෙනෙක් උනත්, ඔයාගෙ ඇඳුම් අල්මාරියේ මේ Little Black Dress එකක් නම් අනිවාර්යෙන්ම තියෙන්නම ඕන
මේ Little Black Dress එකක් හදිසියෙ ආව පාටියකට වගේම Office Event එකකට වුනත් හදිසි නිවේදනයකින් උනත් පුදුම තරම් ලස්සනට, Classy විදියට යන්න උදව්වක් දෙනවා.
Denim කලිසමක් නැති කෙනෙක් හොයාගන්න බැරි තරම් උනාට එහෙම නැති අයත් ඉන්නව ඒ උනාට ඔයා Fashion කරන කෙනෙක් විදියට ඔයාගෙ ඇඳුම් අල්මාරියේ ඩෙනිම් කලිසමක් හෝ දෙකක්, ටී ශර්ට් කිහිපයක් තියාගන්න.
මේවා මේ හදිසියට අඳින ජාතියෙ ඇඳුම් උනත් එහෙම හදිසි වෙලාවක කොහෙටවත් නැති එකක් ඇඳන් යනවට වඩා හොඳයිනේ ලස්සනට යන එක නේද?
ඔයා Office යන, එහෙම නැත්තම් නිතරම Meetings, Interviews වලට වගේ යන කෙනෙක් නම් අනිවාර්යෙන්ම වර්ණ එකක් හෝ දෙකකවත් Blazers ඔයා ළඟ තියාගන්න.
මේක ඉතාම වැදගත් ඔයාට Stylish Formal Look එකකට යන්න ඕන නම්
සපත්තු ගනිද්දි උනත් එකම ජාතියෙන් ගන්න එපා.
ඔයා ළඟ අඩි උස සපත්තු වගේම Flats තියෙන්නත් ඕන අවශ්‍ය වෙලාවට, ගැලපෙන ඇඳුමකට දාන්න.
වර්ණ නම් දුඹුරු, කලු හෝ බේජ් වර්ණ වලින් ගැනීමෙන් ඔයාට ඕන ඇඳුමකට ඒව ගලපගන්න පහසු වෙනවා
අපි කිසිම වෙලාවක පමණට වඩා ලොකු හෝ පොඩි සපත්තු දාන්නෙ නෑනෙ.
ඒ වගේම තමයි කොච්චර ලස්සන උනත් ඔයාගෙ ඇඟට වඩා ලොකු හෝ පොඩි ඇඳුම් අඳින්න එපා.
ඔයාගෙ ඇඟේ ප්‍රමාණෙට ගැලපෙන ඒව විතරක්ම අඳින්න. ඒකෙන් ඔයාගෙ ඇඟේ හැඩය ලස්සනට කැපිල පේනවා වගේම, ඔයා Fashion දන්න කෙනෙක් බව සහ ඒක හරියට Follow කරන කෙනෙක් බව මිනිස්සු දකිනවා
ඕනම කෙනෙක්ට තමන් ආස සහ තමන්ට ගැලපෙන Style එකක් තියෙනවා.
ඒ style එක තෝරගෙන ඒකට ගැලපෙන Fashion කරන එක හරිම වැදගත්. ඒ නිසා වෙන කෙනෙක් ඇඳන් ඉන්න එකක් කොච්චර ලස්සනට පෙනුනත් ඉස්සෙල්ල බලන්න ඔයාට ඒ විදිය ගැලපෙනවද කියල.
කොච්චර ලස්සන ඇඳුමක් උනත් අපිට නොගැලපෙනවානම් ඒක අපි ඇන්දත් කැතට තමයි පේන්නෙ
Fashion කරනවා කියන්නෙ දකින හැමදේම ගන්න එක නෙවෙයි.
ඒ නිසා Shopping කරද්දි ඔයාට ගැලපෙන, ඔයාගෙ Style එකට Match වෙන දේවල් විතරක්ම අරගන්න ඔයාගෙ ඇඳුම් කබඩ් එක ඔයාට ගැලපෙන ඇඳුම් වලින් පිරිල තියෙද්දි, Fashion කරන එක ඔයාට ආයෙ අමුතුවෙන් කියල දෙන්න ඕන නෑ
සමහර ඇඳුම් එක්ක හරිම ලස්සනට Belts ගලපන්න පුලුවන්නේ.
ඒ වගේම ඒකෙන් පුදුම වැදගත්කමක් ඒ ඇඳුමට සහ අපිට එකතු කරගන්න පුලුවන්.
ඉතින් එහෙම වෙලාවක පාවිච්චි කරන්න වර්ණ දෙක තුනකින් ලස්සන Belts අරන් තියාගන්න. සපත්තු වගේම තමා. කලු දුඹුරු වර්ණ වලට ගියානම් හරි.
ඇඳුම් වල වර්ණ Match කරන එකත් Fashion වල ලොකු Point එකක්නේ.
ඒ නිසා ඒක හරියට කරන්න.
මුලින්ම මේක කරන එක අපහසුවක් වගේ දැනෙනවනම් මුලින්ම Basic Color Matching වලින් පටන්ගන්න.
අපි අඳින්නෙ තනි පාට ඇඳුම් නෙවෙයිනෙ.
එක එක මෝස්තර තියෙන ඇඳුම්. ඉතින් එහෙම මෝස්තර තියෙන ඇඳුම් අඳිනකොට අපි ඇඳුමෙ උඩ කොටස සහ යට කොටස ගලපගන්නෙ කොහොමද කියන එක ගැන සැලකිලිමත් වෙන්නම ඕන නැත්තම් ගොනයි මීමයි වගේ ගිහින් Fashion කරන කෙනෙක් කියල පෙන්නන්න බෑ.
ඉතින් මේ කරුණු හැම දෙයක් එක්කම මතක තියාගන්න මොන ඇඳුම ඇන්දත් අඳින එක පිරිසිදුවට, පිලිවෙලට සහ හොඳට අයන් කරල අඳින්න.
Saru FM Media