ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී අනුබද්ධ Digital Health (Pvt) Ltd හි Doc990, මෙරට ප්‍රමුඛතම ඔසුසල් ජාලයක් වන Healthguard Pharmacy සමඟ නවතම සහයෝගිතාවයකට එළඹ තිබේ.
Sunshine Healthcare අනුබද්ධ එම ආයතනය, මෙරට වෙළෙඳපොළට ඖෂධ නිෂ්පාදන ගණනාවක් මෙන්ම, සුවතා නිෂ්පාදන රාශියක් පිරිනමමින් විශිෂ්ටතම පාරිභෝගික සේවාවක් සැලසීම වෙනුවෙන් ප්‍රකට සමාගමකි.
මෙම සහයෝගිතාවය හරහා, Doc990 පාරිභෝගිකයින්ට දැන් Doc990 ්චච එක සහ වෙබ් අඩවිය හරහා වෛද්‍ය නිර්දේශ අනුව නිකුත් කරන ඖෂධ නිෂ්පාදන මෙන්ම වෛද්‍ය නිර්දේශ අවශ්‍ය නොවන ඖෂධද ඇණවුම් කර, පහසුවෙන් ගෙන්වා ගැනීමටත්, එම ෆාමසිවලින් ලබා ගැනීමටත් හැකි වේ. ඒ අනුව, දැන් පෝලිම්වල රැඳී නොසිට, ඕනෑම තැනක සිට ඇණවුම් කර ඖෂධ ලබාගැනීමේ පහසුව පවතී.
මෙය, ශ්‍රී ලාංකිකයින්ට ඖෂධ මිලදී ගැනීම සඳහා වඩාත් සම්බන්ධිත, පහසු අත්දැකීමක් පිරිනැමීමේ අරමුණෙන්, පිළිගත් ආයතන දෙකක ඒකාබද්ධ ශක්තිය මත ගොඩනැගුණු සහයෝගිතාවයකි. ශ්‍රී ලංකාව පුරාම ජනතාවට වඩාත් උසස් සෞඛ්‍ය සේවාවන් පහසුවෙන් ලබාගැනීමට හැකියාව සැලසෙන පරිදි, ඖෂධ ඇණවුම් කිරීම සහ බෙදාහැරීම තම සේවාවට එක්කරමින්, දැන් Doc990 සේවාව, සෞඛ්‍ය පහසුකම් ඔබේ අතටම ලබාදීම යථාර්ථයක් කිරීමට කැපවෙයි.
Saru FM Media