Diet Plan එකකින් බර අඩු කරන්න සූදානම් වෙන ඔබ අනිවාර්යයෙන් දැනගත යුතු කරුණු 7 ක්

0
11


බර අඩු කර ගන්න ඕන නිසාම විවිධ ක්‍රම අපි අත් හදා බලනව. ඩයට් කරනවා කියන බොහෝ දෙනෙක් කරන්නෙ නොකා නොබී සිටීම. නමුත් ඔබ එතරම් සොයා නොබැලීමකින් තොරව කරන එවැනි උත්සහ කිරීම් වල අවසනයේ අනපේක්ෂිත අහිතකර අතුරු ප්‍රතිඵල වලට මුහුණ දීමට ඔබට සිදුවෙනවා..
ශරීරයට අවශ්‍ය නිසි පෝෂණය ලබා ගන්නා ගමන් නිවැරැදි ඩයට් Diet Plan එකක් හරහා සාර්ථකව සිරුරේ බර අඩු කර ගන්න ඔබට පුලුවන් ..

සිරුරේ උසට සරිලන බරක් තිබෙනවාද බැලීම මෙහිදී කෙරෙනවා.මෙය ශරීරයේ උසට සරිලන බරක් තිබීම පිලිබඳ මිනුමක්. ඔබගේ බර කිලෝ ග්‍රෑම් (kg) වලින් ගෙන උස මීටර වලින්( m) ගෙන එහි වර්ගයෙන් බෙදීමෙන් ලැබෙන අගය BMI අගය ලෙස හැඳින්වෙනවා. මේ අගය 24 ට වැඩි නම් ඔබ Diet Plan එකකට යොමු වීම සුදුසුයි.

ඇත්තටම මෙය ඉතාම වැදගත් කාරණයක්.ඔබ ඩයට් කිරීමට තරම් හොද සෞබ්‍යමත් බවකින් ඉන්නවද කියල බැලීම ඉතාමත් වැදගත්, ඔබේ වර්ථමාන සෞඛ්‍ය තත්ත්වයන් උදාහරණයක් ලෙස හෘද රෝග, දියවැඩියා, රුධිර පීඩන වගේ සෞඛ්‍ය ගැටළු වලට අමතරව බෙහෙත් භාවිතා නොකළත් පවතින යම් සෞඛ්‍ය ගැටළු ගැන දැනුවත් වෙන්න ඕන. මේ සදහා පෝෂණවේදී වෛද්‍යවරයෙක්ගේ සහය ලබා ගන්න.ඒ වගේම ඔබ ගර්භණී මවක් නම් හෝ දරුවෙක්ට කිරි දෙන මවක් නම් මේ වෘත්තීය මග පෙන්වීමක් පෝශණවේදියෙක් ගෙන් ලබා ගැනීම අනිවාර්යයි..

දරුවන් පිළිසිඳගැනීමට බලාපොරොත්තුවෙන් ඉන්න නමුත් නම් ඊට පෙර බර අඩු කර ගැනීමට අවශ්‍ය වෙලා තියන කාන්තාවන් ඉන්නවා. ඉතින් ඔබ එවැනි අයෙක් නම් නිවැරැදි වෘත්තීය මග පෙන්වීමක් ලබා ගෙනම පෝෂණ ඌනතාවක් ඇති නොවන ආකාරයට Diet Plan එකක් ලබා ගන්න..

පවතින අසනීප වලට බෙහෙත් වර්ග පාවිච්චි කරන අයෙක් නම් ඔබත් අනිවාර්යයෙන් ඩයට් කරනව කියල නොකා නොබී ඉන්නෙ නැතිව නිවැරැදි Diet Plan එකක් අනුගමනය කරන්න අමතක කරන්න එපා.

කෑම ගැන කියමින් කන්න ඕනෑ බව කියමින් දුක් වෙවී කවදාවත් ඩයට් කරන්න බෑ.. ඒ වගේම එක දවසක් දෙකක් කරල බර අඩු වෙන්නෙ නෑ කියල ආයෙත් සුපුරුදු කෑම රටාවට යන්න නම් ඉක්මන් වෙන්න එපා. ඉඳහිට චීට් ඩේ එකක් තියාගෙන ආස කෑමක් කෑවට එය පුරුද්දක් ලෙස නිතර කරන්න ගියොත් නම් ඔයාට අපේක්ෂිත ප්‍රතිඵල ලබා ගන්න බැරි වේවි.

ආහාර පාලනයෙන් කෙරෙන්නේ ඔබේ ශරීරයට අනවශ්‍ය කැලරි ලබා නොගෙන සිරුරේ අවශ්‍යතා වලට සරිලන කැලරි ප්‍රමාණයක් ලබා ගැනීම විතරයි ..ඒත් දැනට සිරුරෙ තැන්පත් වෙලා තියන මේද තට්ටුව වැය වෙන්න නම් ඔබ Execrise කරන්නම ඕන. ඉක්මනින් සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න නම් දවසට පැය බාගයක් වත් Execrise කරන්න අමතක කරන්න එපා

සමහර පුද්ගලයන්ට ඩයට් කරන්න තියන ලොකුම බාධාව ගෙදර අය කෑම කන්න කියල බල කිරීම, ඔබව සිනාවට ලක් කිරීම වගේම මිතුරන් සමග එක් වූ විට අනවශ්‍ය ආහාර තොගයක් නොදැනීම ආහාරයට ගැනීම සිදුවීම.නමුත් ඔබ නිවැරදි Diet එකක් ෆලෝ කරන බවත් එය සාර්ථක කර ගැනීමට නිවැසියන්ගෙන් මෙන්ම මිතුරන්ගෙන්ද උදව් ඉල්ලූ විට, ඔබට හිනා වෙනවා වෙනුවට උදව් ලැබේවි Diet එකට..

දිනපතා ෆෝන් එකේ Diet App එකක් ඩවුන්ලෝඩ් කරගෙන කෑම ගැන එහි සටහන් තබා ගන්න. ප්ලෑන් එකේ ආහාරම ගන්න අපහසු නම් ඒ අදාල කැලරි ප්‍රමාණයට සමාන කැලරි අගයකින් යුතු ආහාර තෝරා ගැනීමට ඔබට Google search හරහා වගේම ඇප් එකක් හරහා හැකි වේවී. ඒ නිසාම Diet එකෙන් පිට නොයා කන කෑම ගැන අවබෝධයක් ඇතිව කන්න.

ඔබට අවශ්‍ය ඇත්තටම බර අඩුකර ගෙන නීරෝගී සිරුරක් ලබා ගැනීම ඉතින් ඔබට සුබ පැතුම්. ඒ සදහා අවංකවම කැප වෙන්න. කෙට්ටු වෙන්න විවිධ බෙහෙත් වර්ග අත් හදා බලන්න එපා.. කෙට්ටු වෙන්න කෙටි පාරවල් නෑ.අවංකවම කැපවීම විතරයි අවශ්‍ය වෙන්නේ.ඔබේ ඉලක්කය ඉක්මනින් සම්පූර්ණ කර ගන්න ඔබට හැකි වේවි.
ඔබ කැමති ලස්සන ඇඳුම අඳින්න, හැමෝගෙම ආකර්ෂණය ලබා ගන්න ඔබට ඉක්මනින් හැකි වේවි. නමුත් මේ සියල්ල සදහා ඔබ නිවැරැදි අවබෝධයක් ඇතිව Diet එක ෆලෝ කරන්න නම් වෙනවා.

ඉක්මනින් ඉලක්කය සපුරා ගන්න ඔබට අපෙන් සුබ පැතුම්…



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here