Dark Circles වලට ගෙදරදීම සත්කාර කරමු.

0
11


ඇස් වටා කලුවීම එහෙම නැත්තම් dark circles කියන්නේ බොහෝ කාන්තාවන් අතර තියන ගැටලුවක්. මොන තරම් ආලේපන ගැල්වුවත් ඒ ගැටලුව විසඳගන්න බැරිවුන ඔබටයි මේ වටිනා ලිපිය

කාන්තාවන් අතර බහුල මේ ගැටලුව සඳහා විවිධ වූ ආලේපන වර්ග වෙළෙඳපොළේ තිබුනත් නිවසේදීම කරගන්න පුලුවන් බොහොම ලේසි ප්‍රතිකාර මේ සඳහා තියනවා. හැබැයි ප්‍රතිකාර විතරක්ම මේ ගැටලුවට විසඳුමක් වෙන්නේ නෑ.ඔබට තියන සමහර වැරදි පුරුදු නිසාත් මේ ඇස් වටා කලුවීම සිදුවෙනවා.ඒවායින් වැළකීමත් ඉතා වැදගත්. වයසට වඩා වැඩි පෙනුමක් ලැබීම සහ විඩාබර ගතියක් මුහුණෙන් පෙනීම මේ ඇස් වටා අඳුරු වීම නිසා සිදුවෙනවා. ඉතින් ඔබට ලේසියෙන්ම විසඳගන්න පුලුවන් මේ ගැටලුව ගැන අපි අද කතා කරමු

ඇස් වටා අඳුරු බව ඉවත් කරන්න පුලුවන් ඉතාම හොඳ තෙල් වර්ගයක් තමයි මේක.රාත්‍රියේදි ඔබ නින්දට යන්න කලින් ආමන්ඩ් ඔයිල් ස්වල්පයක් ඇඟිලි තුඩු වලට ගෙන දෑස් වටා සම්බාහනය කරන්න. පසුදා උදෑසන සීතල වතුරින් සෝදා හරින්න.
මෙය දිනපතා කරන්න පුලුවන් නම් වඩාත් හොඳ ප්‍රතිඵල ඔබට ගන්න පුලුවන් . ඒ වගේම ඔබ භාවිතා කරන ආමන්ඩ් ඔයිල් වලට විටමින් ඊ ස්වල්පයක් මිශ්‍ර කිරීමෙන් ඔයාට වැඩි ප්‍රථිඵලයක් ලබා ගන්නත් පුලුවන් .

පිපිඤ්ඤා කියන්නෙ සම පැහැපත් කරන්න භාවිතා කරන ඉතා හොඳ එළවලුවක්. මෙමගින් ඔබේ ඇස් වටා අඳුරු බව සහ විඩාබර බව ඉවත් කරලා ඇස් වලට දීප්තිමත් පෙනුමක් ඔබට ලබා දෙනවා
පිපිඤ්ඤා ගෙඩියක් ගෙන සිහින් පෙති කපලා මද වේලාවක් ශීතකරණයේ තියලා සිසිල් කරගන්න.ඉන්පසුව පිපිඤ්ඤා පෙති දෙකක් විනාඩි 10 – 15 අතර කාලයක් ඔබේ දෑස් මත තබන්න. ඉන්පසු සාමාන්‍ය වතුරෙන් සෝදා හරින්න.මෙම ප්‍රතිකාරය දිනකට දෙවරක් ඔබට දිනපතාම කරන්න පුලුවන්

ස්කින් ටෝනර් ( Skin toner ) එකක් ලෙස භාවිතා කරන රෝස වතුර කියන්නෙ සමට ඉතාම හොඳ සත්කාරයක්. මෙමගින් ඔබේ ඇස් වල ඇති විඩාබර ගතිය ඉවත් කරනවා.
කපු පුලුන් කැබැල්ලක් රෝස වතුරේ පොඟවා ඔබේ ඇස් මත තබා විනාඩි 15 ක් පමණ සිටින්න.මෙයත් ඔබට දිනපතාම කරන්න පුලුවන් ඉතාම හොඳ සත්කාරයක්.

මෙමගින් ඔබෙ ඇස් වටා ඇති අඳුරු බව , රැලි වැටීම සහ විඩාබර පෙනුම නැති කරනවා.
පාවිච්චි කල ඉවත දමන තේ බෑග දෙකක් පැය එකහමාරක් පමණ ශීතකරණයේ තබා සිසිල් කරගන්න. පසුව ඒවා ඔබේ දෑස් මත තබා මිනිත්තු 10 කට පමණ පසුව ඉවත් කර මුහුණ සෝදාගන්න.දිනපතා මෙය කිරීමෙන් ඔබට වඩා හොඳ ප්‍රතිඵල ලබාගන්න පුලුවන්

අර්තාපල් කියන්නෙ ස්වභාවික බ්ලීචින් අඩංගු ඇස් යට අඳුරුවීම සුව කරන ඉතා හොඳ අමු ද්‍රව්‍යයක්.
අර්තාපල් ගෙඩියක් ග්‍රේට් කර කපු රෙදි කැබැල්ලක් මත තබා එහි යුශ පෙරාගන්න.ඉන්පසු එම යුශ වලින් කපු පුලුන් කැබැලි දෙකක් පොඟවා ඔබේ ඇස් මත තබන්න .විනාඩි 10 – 15 ක් අතර කාලයක් හිඳ පුලුන් ඉවත් කර සිසිල් වතුරෙන් ඇස් සෝදන්න .සතියකට දින තුනක් හෝ හතරක් මෙම ප්‍රතිකාරය කිරීමෙන් ඔබට හොඳ ප්‍රතිඵල ලබාගන්න පුලුවන්
ඒ වගේම අර්තාපල් පෙති ඇස් මත තැබීමෙනුත් ඔබට සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න පුලුවන්

පිරිසිදු පොල් තෙල් ස්වල්පයක් ඇඟිලි තුඩු වලට ගෙන ඔබේ ඇස් වටා ආලේප කර සම්බාහනය කරන්න.මෙමගින් ඇස් වටා අඳුරු පැහැය නැති කරනවා මෙන්ම ඇස් වටා වියලි බවද අවම කරනවා

මීට අමතරව ඔබේ ඇස් වටා අඳුරු පැහැය නැති කරගැනීමට ඔබ විසින් ඇති කරගත යුතු පුරුදු මොනවද ?

ඔබට කරදරකාරී ගැටලුවක් වූ ඇස් වටා කලුවීමට විසඳුම් දෙන සත්කාර දැන් ඔබ දන්නවා. තව දුරටත් අඳුරු පැහැ වුන දෑස් ගැන වද වීමට දැන් ඔබට අවශ්‍ය වන්නේ නෑ.විඩාබර පෙනුමකින් තොර දීප්තිමත් දෑසකට හිමිකම් කියන්න දැන් ඔබටත් පුලුවන් . නමුත් දෑස් කියන්නේ ඉතා සියුම් සංවේදි ස්ථානයක් නිසා ඊට හානියක් නොවන ලෙස මේ සත්කාර කරන්න කල්පනාකාරී වෙන්න කියලා අපි ඔබට මතක් කරනවා



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here