Covid 19 රෝගයට භෞත චිකිත්සාවෙන් කළ හැක්කක් නැතිද?

0
16


කොරෝනා වෛරස ආසාදනය හේතුවෙන් අද වන විට ලොව පුරා සීග්‍රයෙන් පැතිර යන කොඩිඩ් 19 රෝගය නිසා අප කාගේත් සිත් බියෙන් වෙලී‍ ගොසිනි. ලොව පුරා රටවල්වල ප‍්‍රධාන නගර සම්පූර්ණයෙන් වසා මහජනතාව නිවෙස්වලම රඳවන්නට තරම් හේතු වීම වෛරසයේ භයානක බව හොඳින් පෙන්නුම් කරයි. ශ්වසන පද්ධතියටත් දරුණු ලෙස ආසාධනය ඇති කරවන මෙම කොරෝනා වෛරස ආසාදනය නිසා හුස්ම ගැනීමේ අපහසුතා ඇති වී බොහෝ රෝගීන් මිය යන අතරම ආසාදිත පුද්ගලයෙකුගේ කැස්ස, කිවිසුම් මගින් පිට වන බිඳිති නිරෝගී පුද්ගලයෙකුගේ ස්වසන මාර්ගයට වෛරසය ඇතුළු විය හැකි නිසා මුව ආවරණ, අත් සේදීම, දුරස්ථභාවය තදින්ම ක්‍රියාත්මක කිරීම අත්‍යාවශ්‍ය වේ.

එය එසේ වුවද රෝගියෙකුගේ කැස්සට බිය නොවන එකම වෘත්තිකයන් භෞතචිකිත්සකයන් බව කිව යුතුමය.ඒ මෙම රෝගීන්ට ප‍්‍රතිකාර ලබාදීමට බොහෝ විට වෛද්‍යවරු භෞතචිකිත්සාව වෙත රෝගීන් යොමු කරයි. මෙම භෞතචිකිත්සක ප‍්‍රතිකාරවල අරමුණ රෝගීන්ගේ පෙනහලු ඇතුළු ශ්වසන පද්ධතියේ ඇති ස‍්‍රාවයන් ඉවත් කරගැනීමයි. මෙහිදී භෞතචිකිත්සක ප‍්‍රතිකාර දෙන විට රෝගියාගේ කැස්ස උත්තේජනය වේ. කැස්ස මගින් වැකියුම් තත්ත්වයක් ඇති වී රෝගියාගේ සෙම ස‍්‍රාවයන් පිටතට පැමිණේ. මේ සඳහා ස්වභාවධර්මයෙන්ම ලබාදී ඇති උපක‍්‍රමය කැස්සයි. 

සාමාන්‍යයෙන් මෙම ප‍්‍රතිකාරය රෝගියෙකුට අවම වශයෙන් විනාඩි 15 ක් වත් කළ යුතුව ඇත. එවිට රෝගියාගේ බොහෝ ප‍්‍රමාණයක් කැස්ස ගනිමින් සෙම ඉවතට දමනු ලැබේ. මේනයින් බලන විට භෞතචිකිත්සකවරු මේ කොරෝනා රෝගීන්ගේ ප‍්‍රතිකාර කිරීමේදී දැඩි අවදානමකට ලක්වන වෘත්තිකයන්ද වේ. 

කෙරෝනා වෛරස ආසාදනයේදී පෙන්නුම් කරන රෝග ලක්‍ෂණ

ප‍්‍රථමයෙන් සුළු ස්වසන අපහසුතා සමග උණ ඇති වීම ප‍්‍රධානව සිදු වන අතරම බොහෝ රෝගීන් සුළු රෝගී තත්ත්වයන් පෙන්නුම් කර සුව වුවත් ඇතැම් රෝගීන්ගේ රෝග තත්ත්වය උත්සන්න වී අස්වාශ ප්‍රශ්වාසයේ දැඩි අපහසුතාවයක් පෙන්නුම් කරන අතරම එය දැඩි උණ සමග නිවුමෝනියා තත්ත්වය දක්වා වර්ධනය විය හැක. ඒ අතරින් තවත් රෝගීන්ට අස්වාශ ප්‍රශ්වාසයේ අපහසුතාවය දැඩිව ඇවිත් බහු ඉන්ද්‍රීය අක‍්‍රමිකතාවයන්, Septic shock වැනි තත්ත්වයන් ඇති වී දැඩි සත්කාර අංශ වලට (ICU) යොමු කොට කෘතිම ශ්වසන යන්ත‍්‍ර මගින් ප‍්‍රතිකාර කෙරේ. බොහෝ විට මෙවැනි රෝගීන් නියුමෝනියා රෝග තත්ත්වයට පත්වීම වළක්වා ගැනීමටත් එසේ ඇති වුවහොත් ඒ තත්ත්වය සුවපත් කිරීමටත් වෛද්‍යවරු විසින් රෝගීන්ට භෞතචිකිත්සක ප‍්‍රතිකාර නිර්දේශ කරති. 

නියුමෝනියා තත්ත්වයේදී පෙනහලුවල ගර්ත ස‍්‍රාවයන්ගෙන් පිරී යයි. මෙම නිසා පෙනහලුවල කාර්යය වන ඔක්සිජන් හුවමාරුවට බාධා පැමිණේ. එවිට ශරීරයේ තිබිය යුතු ඔක්සිජන් ප‍්‍රතිශතය අඩු වන අතරම රැකගැනීමට ශ්වසන වේගය වැඩි කරයි. රෝගියා හුස්ම ඉහළ පහළ ගැනීමේදී සහ කහින විට පපුවෙහි ඇති වන පිහියකින් අනින්නාක් මෙන් දැනෙන වේදනාවක් ගැන පවසන අතර ජලයේ ගිලී හුස්ම හිරවන්නාක් මෙන් හැඟීමක් රෝගියාට දැනෙන බව සනාථ වී තිබේ.

මෙවැනි රෝගීන්ට වෛද්‍ය ප‍්‍රතිකාරවලට සමගාමීව භෞතචිකිත්සක ප‍්‍රතිකාර ද ලබාදීම ඉතා වැදගත් වේ. මෙහිදී ගුරුත්වය ආධාරයෙන් කරනු ලබන පොස්චරල් ඩෙ‍‍්‍රනේජ් (Postural drainage) ඉතා වැදගත්ය. එනම් රෝගියාගේ පෙනහලුවල සෙම තිබෙන ප‍්‍රදේශය (සාමාන්‍යයෙන් දකුණු පෙනහැල්ලට ඛණ්ඩිකා 3 ක් ඇති අතර වම් පෙනහැල්ලට ඛණ්ඩිකා 2 ක් ඇත) ඉහළට තබා ගුරුත්වාකර්ෂණය උදවු කරගනිමින් සෙම ඉවත් කිරීමය. 

එක් එක් ඛණ්ඩිකා තවදුරටත් අනු ඛණ්ඩිකාවලටද බෙදේ. X කිරණ පටලයක් ආධාරයෙන් සෙම තිබෙන ඛණ්ඩිකාව හඳුනාගත හැක. ඒ ඒ ඛණ්ඩිකාව අනුව රෝගියා තබන ඉරියව් ඇත. ඒ පහත පරිදිය.

බොහෝ රෝගීන් සෙම ගිල දමන අතරම ඒවා මල සමග පිටවේ. මේ ක්‍රමය මගින් ඉවත් කිරීමට අපහසු ස‍්‍රාවයන් ශ්වසන මාර්ගයට බටයක් ඇතුළු කොට විශේෂිත වැකුම් යන්ත‍්‍රයක් භාවිත කරමින් ඉවතට ඇද දමයි. 

මෙවැනි රෝගීන්ගේ ඇවිදීම මෙන්ම අනෙකුත් කායික ක‍්‍රියාකාරකම් අඩාල වීම නිසා පේශී දුර්වල වී, සිහින් වී, සන්ධි ද තද වී රෝගියා අඩපණ වීම වළක්වා ගැනීමට භෞතචිකිත්සාව හරහා රෝගියාගේ චලනයන් සිදු කරයි. මෙහිදී,

රෝගියා දැඩි සත්කාර ඒකකයේ සිට ප‍්‍රජාවට මුදා හරින තෙක්ම මෙලෙස භෞතචිකිත්සක ප්‍රතිකාර ක්‍රම ලබා දෙනු ඇත. සියලුම සෞඛ්‍ය කාර්ය මණ්ඩල මෙන්ම භෞතචිකිත්සක අංශයත් මේ වසංගත සමයේ රෝගීන් සුවපත් කිරීමෙහිලා මහඟු කාර්යයක් ඉටුකරමින් සිටී.

ආචාර්ය ජාලිය උඩුවැල්ල

– භෞතචිකිත්සක අධිකාරී, රිජ්වේ ආර්යා ළමා රෝහල, කොළඹ

 

 

 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here