කොණ්ඩය කලර් කරනකොට අපි අනුගමනය කරන්න ඕන නිවැරදි කාරණා ගැන අපි මීට කලින් කතා කළා ඔබට මතක ඇති.
කොණ්ඩේ කලර් කරන්න කලින් මුහුණට ගැලපෙන Hair colour එක තෝරා ගමුද ?
එහෙම ලස්සනට කලර් කරන කොණ්ඩේ ඩැමේජ් වෙන්න පුලුවන්.එහෙම ඩැමේජ් වුණොත් කළ හැකි සත්කාර ගැන තමයි අපි අද කතා කරන්නේ..
රෝස පෙති මඳ උණු වතුර ටික වෙලාවක් තියලා ඒ වතුර අරගෙන ෂැම්පු එක්ක කවලම් කරලා ස්නානය කිරීමෙන් හිසකෙස් සුමුදු සහ දිලිසෙන සුළු බවක් ලබා ගන්න පුළුවන්.
කන්ඩිෂනර් එකක් ලෙස රෝස වතුර පාවිච්චි කිරීමෙන් හිසකෙස් වලට දීප්තිමත් බවක් සහ මනා සුවඳක් ලබාගන්නට හැකියාව ලැබෙනවා.
ඩැමේජ් වෙච්ච හිසකෙස් සඳහා රෝස වතුර කෝප්පයකට විටමින් ඊ සහ ජොජෝබා තෙල් බිංදු කිහිපයක් එකතු කරලා හොඳින් කවලම් කරලා තෙත කොණ්ඩයෙන් සිටියදී ගල්වා මසාජ් කර විනාඩි දහයක් විතර ඉඳලා සෝදා හරින්න පුළුවන්.
අල ගෙඩි දෙකක් විතර තම්බලා අරගෙන ඒවායේ පොත්ත ඉවත් කරලා හොඳින් තලන්න.
ඊට පස්සේ මේ තලපයක් වගේ ආලේපය හිසකෙස් වල හොඳින් ගල්වන්න.
හිසකෙස් මූලයේත් ඉතා හොඳින් ගෑවෙන සේ ආලේප කරන්නට අමතක කරන්න එපා.
පැයක් විතර මෙහෙම ඉඳලා සෝදා හරින්න.
කෝමාරිකා යුෂවලට දෙහි යුෂ දමා විනාඩි විස්සක් පමණ තිබෙන්නට හරින්න.
එයට පොල්තෙල් සහ පොල්කිරි මිශ්‍ර කර හිසේ ආලේප කරන්න.
යෝගට් සමඟ බිත්තරයක් මිශ්‍ර කරලා හිසෙහි විනාඩි විස්සක් පමණ ආලේප කර තිබෙන සෝදා හරින්නට පුළුවන්.
මේ සියල්ල සමඟ ඔබ අමතක නොකළ යුතු කාරණාව තමයි, ලස්සන කොණ්ඩයක් නීරෝගීව පවත්වා ගන්න හොඳ පෝෂ්‍යදායක ආහාර අත්‍යවශ්‍ය දෙයක්. විශේෂයෙන් විටමින් A ඔබේ හිස කෙස් වලට අවශ්‍ය තෙත් ස්වභාවය ලබා දී, කෙස් කලඹට ප්‍රාණවත් පෙනුමක් ලබා දෙනවා. විටමින් A වැඩිපුර ලබා ගත හැකි මාර්ගයන් වන්නේ මාළු, නිවිති, කැරට් සහ බතල වැනි ආහාර වලිනුයි.
ඉතින් හොඳ පෝෂණය , හොඳට වතුර බීම කොණ්ඩයකට හරිම වැදගත්.මේ නිසා කොණ්ඩයට අවශ්‍ය පෝෂණය ලැබෙන ආහාර ලබා ගනිමින් ප්‍රමාණවත් අයුරින් ජලය ලබා ගනිමින් අභ්‍යන්තරයෙන්ම කොණ්ඩයට පෝෂණය ලබා දීම ඉතාම වැදගත්.
Saru FM Media