CIDයට කතා කර පිල්ලෙයාන් ඉල්ලූ රනිල්ගේ පෞද්ගික ආරක්ෂකයාට ස්ථාන මාරුවක්

0
5


හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියා ලෙස කටයුතු කළ පොලිස් පරීක්ෂක අශෝක ආරියවංශ වහාම ක්‍රියාත්මක වන පරිදි කන්කසන්තුරේ පොලිස් කොට්ඨාශයට ස්ථාන මාරු කර තිබේ.
ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු රැඳවුම් භාරයේ සිටින සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ට රනිල් වික්‍රමසිංහට දුරකතන ඇමතුමක් ලබාදීමට අවශ්‍ය බව පවසා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරියෙකුට දුරකතන ඇමතුමක් ලබාදීමේ සිද්ධියක් හේතුවෙනි.
පොලිස් පරීක්ෂක අශෝක ආරියවංශ දිගු කාලක් රනිල් වික්‍රමසිංහගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියා ලෙසද කටයුතු කර තිබේ.
අදාළ ස්ථාන මාරුවීම ලබා දී ඇත්තේ වැඩ බලන පොලිස්පති විසින්.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here