Chat With Star – සූර්යා දයාරුවන්

0
17


සමනළ සංධවනිය හරහා කලාවට පිවිසුණු සූර්යා දයාරුවන් නව පරපුරේ දක්ෂතම නළුවෙක්.ඒ වගේම ගායකයෙක් ,නිවේදකයෙක් විදියටත් තමන්ගේ දක්ෂතා ඉහළින්ම පෙන්වන්න සූර්යා සමත් වෙලා තියෙනවා.”දිවිතුරා” ටෙලි නාට්‍යයේ උදුල් නිසා මේ දවස්වල බොහොම ජනප්‍රිය සූර්යා එක්ක අපි අද කතාබහ කරන්න හිතුවා.

මේ දවස්වල දිවිතුරා ටෙලි නාට්‍යයේ ෂූටින් යනවා..චාමර ජයවිර අයියාගේ.තව හතරැස් බුබුළු කියලා ටෙලි නාට්‍යයක ෂූටින් යනවා.නිමල් රත්නායක අයියගේ.ඒත් එක්ක්ම හිතුවක්කාරී ටෙලියටත් සම්බන්ධ වෙලා ඉන්නවා .ඒත් එක්කම තවත් ටෙලි නාට්‍ය දෙකකට සම්බන්ධ වෙන්න සුදානම් වෙලා ඉන්නවා .ඔය දේවල් සහ විවිධ වැඩසටහන්වලට සම්බන්ධ වෙන්වා.අලුත් මගේ මියුසික් වීඩීයෝ එක තව සති තුනකින් වගේ එනවා..ඉතින් ඔය දේවල් තමයි දැනට මේ දවස්වල කරගෙන යන්නෙ.

කොවිඩ් 19 වසංගත තත්ත්වය නිසා ලොකු බලපෑම් තියනවා . එත් ඉතින් අපිට ඒ දේවල්.කරගෙන යන්න වෙනවා. තියෙන ආරක්ෂක විධිවිධානත් එක්ක.කොහොමත් කොවිඩ් කාලෙත් රූගතකිරීමවලට යන්න සිද්දවුණා දිගටම.හැබැයි ඉතින් වැක්සින් කරලා අවශ්‍යය ආරක්ෂක ක්‍රමත් එක්ක තමයි නිර්මාණවලට සම්බන්ධ වුණේ.

සමනල සංධ්වනිය තමයි මගේ ප්‍රථම සිනමා අත්දැකීම.එකෙන් තමයි සූර්යා දයාරුවන් කියලා කෙනෙක් ප්‍රේක්ෂකයින් දැනගත්තේ.එම සිනමා පටය මට හොඳ අත්දැකීමක් වුණා මට මේ තරම් දුරක් එන්න.රංගන ශිල්පියෙක් වගේම ගායකයෙක් ලෙසත් මාව ප්‍රේක්ෂකයෝ ඉතාම ආදරයෙන් වැළඳ ගත්තා.මම සම්බන්ධ වුණ ප්‍රථම චිත්‍රපටය තවමත් ප්‍රේක්ෂක හදවත් තුළ තිබීම ගැන ඇත්තෙන්ම හුඟක් සතුටුයි.

උඳුල් කියන චරිතයට මම හිතුවටත් වඩා ප්‍රේක්ෂක ප්‍රතිචාර තියෙනවා. උඳුල් ගොඩක් ආදරය කරන චරිතයක් වුණා .ඉතිං ආදරවන්තයෙක් කියන චරිතයට සාධාරණයක් කරන “රියල් ආදරවන්තයෙක්ගෙ” චරිතයක් මට උඳුල් හරහා කරන්න ලැබුණා .ඉදිරියේදි ප්‍රේක්ෂකයන් හිතන දේවල් සිද්ධ වෙන්නත් පුළුවන්.නොවෙන්නත් පුළුවන් .උඳුල්ගේ ආදරයට ගොඩක් කැමතියි බෝහෝ අය.මට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා.හරි සතුටුයි.චාමර ජයවීර අධ්‍යක්ෂවරයා යටතේ අපි හැමෝම සුහදශීලීව ශූටින් කරගෙන යනවා.ඉදිරීයෙදී අපේ තරුපති සර්ගේ concert එක බලන්නත් පුලුවන්. ලස්සන ගීත කීපයක් එක්ක.ඔය විදියට තමයි දිවිතුරා උඳුල්ට ප්‍රතිචාර ලැබෙන්නෙ

ඇත්ත ජීවිතයේ සමහර සමහර දේවල් තියෙනවා සමාන තැන්.කාලීනව අපි ජීවත්වන සමාජයේදී ඒ තරම්ම ආදරය වෙනුවෙන් කැපවෙන්න අවස්ථාවක් නොලැබෙන්න පුළුවන්. උඳුල් ගොඩක් තනි වුණ කෙනෙක් අම්මා නැහැ.තාත්තා දාලා යනවා. ආදරේ කරන කෙනත් දාලා යනවා .නමුත් සූර්යා එහෙම තනි වුණ කෙනෙක් නෙවෙයි.

ළඟදීම එන්න තියෙන්නේ ගීතයක් .ඒක වෙනස්ම විදියෙ ගීතයක්.සමහරක් වෙලාවට අපිට ආදර කතන්දර ගොඩක් තියෙනවනේ.එක එක්කෙනා කාලෙන් කාලෙට එනවා යනවා.විවිධ ආදර සංසිද්දි තියෙනවා. එක එක්කෙනාට වෙනස් .නමුත් තමන්ගෙ ජීවිතයෙන් කෙනෙක් ඈත් උනාම ඒ ගැන බලාගෙන දුක් විදින්න ඕනේ නැහැ.ඒකට හිත හදාගන්න විදිය තමයි ඒ තුළ තියෙන්නෙ.රචිතා වාකිශ්ට අක්කා තමයි පද රචනය කළේ .ගැහැනියකගේ අතින් පිරිමියෙක්ගේ හැඟීම් ගැන ලියවුණු ගීතයක් වශයෙන් හඳුන්වන්න පුළුවන්. ඒක ඇත්තටම පිරිමියා කියන කෙනා හරියට හඳුනාගෙන ලියවුණු ගීතයක්.හරිම ලස්සනයි ඒ ගීතය.වෙනස් විදියේ දෙයක්.ඔබව වෙනස්ම මානයකට අරගෙන යයි.තව සති තුනකින් විතර ප්‍රේක්ෂකයන්ට විඳින්න පුලුවන්.

ඒත් එක්කම මගෙ අලුත් චිත්‍රපටයක් එනවා.EAP මණ්ඩලයේ.happy birthday කියන චිත්‍රපටය.අරුණ ජයවර්ධන අධ්‍යක්ෂණය කරේ.ඒකෙ ප්‍රධාන චරිතයක් රගපෑවා.රැට්ටා කියන චරිතය.විලන් කැරැක්ටර් එකක්.මම කවදාවත් විලන් කැරැක්ටර් එකක් කරලා නැහැ.හැමදාම මාව දැක්කේ ආදරණීය චරිතයක් හැටියට.මේක සම්පුර්ණයෙන්ම වෙනස් නිර්මාණයක්.වෙන්ස් අත්දැකීමක් වෙයි සූර්යාගෙන් ඒ වගේ චරිතයක් දකින්න ලැබෙන එක.චිත්‍රපට මේ වෙනකොට 10ක් කළා.6ක් තියෙනවා ඉදිරියේදි එන්න.කොවිඩ් ප්‍රශ්නත් එක්ක නැවතුණාට එකින් එක ඉදිරියේදි බලන්න පුලුවන් ප්‍රේක්ෂකයින්ට.

ප්‍රේක්ෂකයන්ට හැමදාමත් මම ගෞරවය කරනවා.මොකද ප්‍රේක්ෂකයන්ගේ ආදරය ගෞරවය ආශිර්වාදය කලාකරුවෙක් හැටියටමට මගේ ගමනට ලොකු ශක්තියක්.මම මගෙ තිබුණු දක්ශතාවයන් ඔපමට්ටම් කරලා විවිධ චරිතයන් සහ ගායනයක් සහ බෝහෝ කලා නිර්මාණය කරන කෙනෙක් .ඒ විදිහට ඉදිරියට යන්න වගේම ප්‍රේක්ෂකයින්ගේ හදවතේ ගැඹුරුම තැන ස්පර්ශ කර්න්න පුලුවන් විදියට ලොකු කුඩා මහලු හැමෝටම ආදර්ශමත් වෙන විදියට මේ සමාජයට රටට ලෝකෙට වැදගත්කමක් තියෙන කලා ක්ෂේත්‍රයේ වටිනාකම තව ටිකක් ඉහළින් තියන්න පුලුවන් නිර්මාණ කරනවා.ප්‍රේක්ෂකයන්ට හැමදාමත් ආදරෙයි.මාත් එක්ක ආදරෙන් ඉන්න කියලා ආරාධනා කරනවා හැමෝටම.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here