Chat With Star – යොහානි ද සිල්වා

0
15


ඇය මේ වනවිට මුලු රටේම කතා බහට ලක්වෙන ,ජාත්‍යන්තරයේ පවා අවධානය දිනා ගත් පුංචි තාරකාවක්.අභියෝග සහ විවේචන තමන්ගේ ගමනට බාධාවක් කර ගෙන තම දක්ශතාවයෙන් ලෝකයක ආදරය හිමි කර ගත් ඇයව අද Chat With Star අපේ කතා බහට එකතු කර ගන්න අපි හිතුවා.මේ යොහානි ද සිල්වා සමඟ කෙරුණු සොඳුරු කතා බහයි

ඔව්…අපේ අලුත් ගීතය “moving on” නොවැම්බර් 12 වැනිදා එළි දැක්වූවා. ඒක ඉංග්‍රීසි ගීතයක්. හැබැයි ඒ ගීතයට සිංහල කොටසකුත් එකතු කරන්න අපිට හිතුනා. ඒ සඳහා අවසරයත් ලැබුණා. ඒ නිසා “moving on” ගීතය ඇතුලේ පුංචි සිංහල කොටසකුත් තියෙනවා. මේ ගීතය දිලංජන් සෙනවිරත්නගේ පද රචනයක්. සංගීතවත් කලේ පසන් ලියනගේ. මේ ගීතය නිර්මාණය කරන්න Brian Malouf   කියන නිර්මාණ කරුවාත් දායක වුණා. බ්‍රයන් කියන්නේ මයිකල් ජැක්සන්, මැඩෝනා වැනි දැවන්ත චරිතත් එක්ක වැඩ කරලා හොඳ අත්දැකීම් ලබා ගත්ත නිර්මාණ කරුවෙක්. ඒ වගේ නිර්මාණ කරුවෙක් එක්ක වැඩ කරන්න ලැබීමත් අපි ලබපු හොඳ අවස්ථාවක්. මේ ගීතය Redbull රෙකෝඩ් එක්ක කරපු නිර්මාණයක්. ඒකත් හොඳ අවස්ථාවක්.

මට තිබුණේ විවිධ පලාත් වල ගෙවුණු ළමා කාලයක්. මගේ තාත්තා ජෙනරාල් ප්‍රසන්න ද සිල්වා. අම්මා දිනිති ද සිල්වා. මට එක නංගී කෙනෙක් ඉන්නවා. එයා මේ වෙද්දි රුසියාවේ වෛද්‍ය අංශයේ අධ්‍යාපන හදාරනවා. නංගිගෙයි මගෙයි ළමා කාලය වැඩිපුරම ගෙවුණේ යුද්ධයේ අත්දැකීම් එක්කයි. තාත්තා රණවිරුවෙක් විදිහට සේවය කරද්දී අපිට තාත්තා එක්ක එකට ගතකරන්න ලැබුණු කාලය හරිම අඩුයි. එයා වැඩිපුරම හිටියේ යුද්ධයේ රාජකාරි කටයුතු වලයි. ඒ නිසා මායි නංගියි එක්ක ලඟින්ම හිටියේ අපේ අම්මා. මට තාම මතකයි අපේ පාසලේ දෙමව්පිය රැස්වීම් වලට පවා සහභාගි වෙන්න තාත්තට නිවාඩු තිබුණේ නැහැ. අපි හිටපු කොන්සට් පවා බලන්න තාත්තාට ඉඩ ලැබුණේ නැහැ. ඒ හැම දෙයක් ගැනම තාත්තා දැන ගත්තේ ඉඳහිටලා පොඩි නිවාඩුවක් අරගෙන ගෙදර ආ වෙලාවක හරි , ඉදහිටලා දෙන කෝල් එකකදී තමයි. ඒ කාලේ තාත්තා අපි එක්ක නැති එක ගැන කියලා ඉස්කෝලේ සමහරු අම්මට එක එක කතාත් කියලා තිබුණා. මම හිතන විදිහට රට වෙනුවෙන් කැපවීම් කරන තාත්තලා ඉන්න දරුවන් වගේම රණවිරුවන්ගේ බිරිද වුණු බොහෝ අම්මලා ඒ වගේ කතා අහන්න ඇති.

නැහැ. ගෙදර ආපු කිසිම දවසක තාත්තා යුද්ධය ගැන අපි එක්ක කතා කරලා නැහැ. අපිට වුණත් ඒවා ගැන තාත්තගෙන් අහන්න ඕන වුණේ නෑ. තාත්තා කෙටි නිවාඩුවක් අරගෙන ගෙදර ආපු කාලයට මටයි නංගියි තාත්තාට කියන්න, පෙන්නන්න දේවල් තිබුණා. තාත්තා වැඩිය කතා කරන කෙනෙක් නොවෙයි. යුද්ධේ කාලයේදී අපි තාත්තව ඉදහිටලා ටීවී එකෙන් දැක්කා. මට තාම මතකයි තාත්තා විවිධ පලාත් වලට රාජකාරි කටයුතු වලට ගියා.කිහිප වතාවක්ම රාජකාරි කටයුතු වලට පිටරට පවා යන්න සිදු වුණා නිසා   අපිටත් පාසැල් මාරු කරමින් ඉගෙන ගන්න සිද්ධ වුණා. ඒ නිසා පාසල් කාලයේදී මට එක දිගට යාලුවෝ හිටියේ නැහැ. යුද්ධේ දරුණුම කාලේ අපිව ඇටෑක් කරල පාසලට අනතුරක් වෙයි  කියල සමහර පාසැල් දින ගණනාවක් පාසලට එන්න එපා පවා කිව්වා. ඒ නිසා යුද්ධය නිසා පාසල් නොගිහින් අපිට ගෙදර පවා නතර වෙන්න සිදු වුණා.

නැහැනේ. මම ටික කාලයක් ලංකාවේ සංගීතය කරලා ඔස්ට්‍රේලියාවට ගියේ. එහිදී මාස්ටර්ස් කලාට පස්සේ පුරවැසිභාවය ලබාගන්න පුලුවන් කම තිබුණා. මට තීරණ දෙකකින් එකයි ගන්න තිබුණේ. එක්කෝ පුරවැසිභාවය අරගෙන එහේ නතර වෙන්න ඕනේ, නැත්නම් ඒ හැමදේම අතහැරලා සංගීතය වෙනුවෙන් ලංකාවට එන්න ඕනේ කියලයි. ඒ වෙද්දි මියුසික් ගැන ආසාවක් මට ඇති වෙලයි තිබුණේ. ඒ වෙද්දි මම විවිධ කලාකරුවන් කීප දෙනෙක්ම මුණ ගැහිලයි තිබුණේ. ක්ලාස් වලදි අනිත් ලමයින්ට නිබන්ධන කරන්න උදවු කරලා මම පොඩි මුදලකුත් හෙව්වා. ඉගෙන ගන්න වැඩ වලට ගෙදරින් සල්ලි එවපු නිසා මම හොයා ගත්තු සල්ලි වලින් මම ඇවිද්දා. මම ඇවිදින්න යන්න හරි ආසයි. අදටත් එහෙමමයි. ඒ සංචාර ගමන් වලදී මට බොහෝ කලාකරුවන් මුණ ගැහුණා. ඔවුන් එක්ක අත්දැකීම් බෙදා ගත්තා. ඒ නිසාම සංගීතයට තිබුණු ආසාව වැඩි වුණා. මාස හයක් තිස්සේ හිතල හිතලා මම ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාවය අමතක කරලා ලංකාවට එන්න තීරණය කලා. හැබැයි අම්මා තාත්තා නම් මුලදී ඒ තීරණයට අකමැති වුණා.

කොහොමත්ම ඒ කාලේ ඉදන්ම මම වෙනස් විලාසිතා වලට කැමති කෙනෙක්. ඒ සඳහා මට උපදෙස් ලබලා දෙන නිර්මාණ කරුවන් දෙන්නෙක් විතර ඉන්නවා. ඉන්දියාවේත් ඒ වෙනුවෙන් වෙන් වුණු කෙනෙක් ඉන්නවා. ඒ රටේදී අඳින විදිහ වෙනස්නේ. ඉතින් මුලින්ම මම කැමති විලාසිතා ගැන මගේ නිර්මාණකරුවන්ට කියනවා. ඒ අයත් එක්ක කතාබහ කරලා තමයී අවසානයේදි හැම විලාසිතාවක්ම නිර්මාණය වෙන්නේ. ඇඳුම් පැළඳුම් විතරක් නෙවෙයි. මමගේ කොණ්ඩය මම පළදින දේවල් පවා බොහෝ වෙලාවට තීරණය වෙන්නේ එහෙමයි.

නැහැ…ඒක මම නිකමට කරපු cover song එකක්. මීට පෙරත් මම එහෙම cover song කරලා තිබුණා. කොහොම හරි ඔය අතරේ “මැණිකේ මගේ හිතේ ” cover song එක අමිතාභ් බච්චන් එයාගේ instagram එකේ දාලා තිබුණා. ඒ වෙද්දි මම ඒක දැනගෙන හිටියේ නැහැ. එදා වෙන මියුසික් වැඩක් කරලා මහන්සියටම මම නිදා ගත්තා. කොහොම හරි මේ ගැන කියන්න අපේ team එක මට කෝල් කරලත් තිබුණා. හැබැයි නිදිමත වැඩිකමට මට ඒක එච්චර දැනුණේ නැහැ. පහුවදා උදේ මම මේක දැකලා කට්ටියට කියද්දීත් එයාලා දැනගෙන ඉවරයි. ඒ වෙලාවේනම් මට ඇත්තටම පුදුම සතුටක් දැණුණේ.

නැහැ. ඒක වැරදි දෙයක්. ඒ. ආර්. රහුමාන් කියන්නේ සංගීත ක්ෂේත්‍රයේ වීරයෙක්. ඔහු දැවැන්ත නිර්මාණ කරුවෙක්. ඔහුට  මට සමාන කරන්න කොහෙත්ම බැහැ. ඔහු මගෙත් වීරයෙක්. Views වලින් එහෙම සමාන කරන්න බැහැ. පෞද්ගලිකවත් එවැනි කතාවක් මිනිස්සු අතරේ තියෙන එක ගැන මම දුක්  වෙනවා. ඒ ගැන මම සමාව ඉල්ලනවා.

ඔව්නේ…මේ හැමදේම අද ඊයෙක ඉදන් ඇතිවෙච්ච  දේවල් නෙමෙයි. මට ඒ වගේ කතා ගොඩාක් එක එක කාල වලදී ඇති වුණා. මේ කාලයේදීත් ඒකම තමයි. ඒ කිසිම දෙයක් මම ගණන් ගන්නේ නැහැ. සමහරු කියන කතා හිතට ගත්තනම් මේ තරම් ඉක්මනට අලුත් ගීතය එළි දක්වන්නත් බැරි වෙනවා. සමහර සමාජ මාධ්‍ය වලින් හදලා තිබුණ gossip, post බලන්නේවත් නැති තරම්. මට මගේ හිත ගැන විශ්වාසයි. හිත රිදෙන තැන් තියෙනවා. හැබැයි දැන් එහෙම හිත රිදවා ගන්නවත් වෙලාවක් නැහැ. ඒ නිසා දැන් රිදෙන තැන් ගැන ගානක් නැහැ. සමහරු මට සිංදු කියන්න බැහැ කියනවා. ඒ කියන කතා මගේ ගමනට බාධාවක් කරගන්නේ නැහැ.

ඒකනේ…එහෙම සල්ලි මලු ලැබුණේ නැහැ. අපි ඉන්දියන් ගුවන් තොටුපලට යද්දී ලක්ෂ ගණන් පිරිසක් අපිව බලන්න ඇවිත් හිටියා කියලත් සමහරු කිව්වා. පැපරාසීන් නම් හිටියා. හැබැයි ඔය කියනා තරම් පිරිසක් හිටියේ නැහැ. ඉන්දියන් හොටෙල් වලට යද්දී නම් සාමාන්‍ය ප්‍රේක්ෂක පිරිසක් හිටියා. මට කෝටි ගණන් මුදල් ලැබුණා කියලා සමහරු කියනවා. ඒවා බොරු. ඇත්තම කියන්නද..? ඉන්දියාවට යද්දී නම් එහෙම ලොකු ප්‍රතිචාරයක් බලාපොරොත්තු වුණේ නැහැ. ඒ අයට අපේ භාෂාව තේරෙන්නේ නැති නිසා ප්‍රතිචාර අඩුවෙයි කියලයි හිතුවේ. නමුත් හිතුවෙවත් නැති විදිහට හොඳ ප්‍රතිචාර ලැබුණා.

එහෙමම බැහැ. තවම පුරුදු වෙනවා. “මැණිකේ මගේ හිතේ ” ගීතයටම නිර්මාණය වුණු හින්දි ගීතය ගායනා කරන්න මට අවස්ථාව ලැබුණා. ඒක ඉන්දියාවේ තිරගත වන්නට නියමිත “Thank God ” චිත්‍රපටයට නිර්මාණය කරපු ගීතයක්. මේ ගීතය ඉන්දියාවේ දෙවතාවක්ම රෙකෝඩ් කලා. දෙපාරම ෆේල්.හින්දි භාෂාව උච්චාරණය කරන විදිහ වැරදි නිසායි ඒ දෙපාරම ෆේල් වුණේ. ඉතින් ආයෙත් තුන්වෙනි පාරට රෙකෝඩ් කරන්න ජනවාරි මාසයේදී ඉන්දියාවට යන්න හිතාගෙන ඉන්නේ.

ඒ දෙන්නට ගොඩාක් සතුටුයි. මම ගැන හැමවෙලේම හොයලා බලනවා. හැබැයි මේ දවස් ටිකේනම් අඩුම තරමින් ඒ දෙන්නගේ කෝල් ආන්සර් කරන්නවත් වෙලාවක් නැතිතරම්. ඉස්සර තාත්තට අපිව දකින්න ලැබුණේ හරිම අඩුවෙන්. දැන් මාව ඒ අයට දකින්න ලැබෙන්නේ හරි අඩුවෙන්. හැබැයි අම්මාගෙයි තාත්තගෙයි ආශිර්වාදය මට හැම මොහොතකම තියෙනවා.

ඔව්.මගේ ඇල්බම් එක ජූලි මස 30 වෙනිදා කොළඹ නෙලුම් පොකුණ රඟහලේදී එළිදක්වන්නට සූදානම් වෙනවා. එදාට ඉන්දියන් කලාකරුවන් කීපදෙනෙක්ම ඒ ප්‍රසංගයට සහභාගි වෙනවා.මේ මස 24 වෙනිදා අපි ඩුබායිවලට ප්‍රසංගයකට යනවා. ඒ වගේම යුරෝපා සංචාරයක්ද තියෙනවා. ඒ නිසා වැඩ ටිකක් වැඩියි. එදා ඉදන්ම අදටත් pattah effect කණ්ඩායම  මාත් එක්ක ඉන්නවා. මේ තනියම මම ආපු ගමනක් නෙමෙයි. මේ කණ්ඩායමක් විදිහට අපි ආපු ගමනක්. 

-දිශානි ජයමාලි කරුණාරත්න –



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here