ජනප්‍රිය ගානය තරුවක්ව ගීත ගායනයෙන් කාගේත් හිත දිනූ යොවුන් කලාකරුවෙක් සමගයි අද chat with star කතා බහ කරන්නේ.ඒ දෙරණ DREAM STAR හයවන අදියරේ කිරුළ දිනු ජනිත් ඉද්දමල්ගොඩ.
මේ දවස්වල වැඩකටයුතු ගැන කීවොත් ” සංචාරේ” ගීතයේ වැඩ කෙරුණා. ඊට පස්සෙ මගෙ අලුත්ම ගීතය release කරා “රූමතී” .ඉතිං ඔය ගීත දෙකත් එක්ක තමයි පසුගිය දවස් ගෙවුණේ.
පවතින වසංගත තත්ත්වය නිසා අපි හැමෝම නොයෙක් විදිහෙන් කරදරයට පත් වෙලා ඉන්නවා.ඉතිං ඒක මටත් පොදු දෙයක්.වැඩ කටයුතු ගොඩක් දේවල් ඇණහිටලා.නමුත් අපි මුලින්ම ආරක්ෂා වෙලා ඉන්න ඕනි.වසංගතයට හොදින් මුහුණ දෙන්න ඕනි.මොනතරම් අමාරුකම් ආවත් මේ වෙලාවෙ වැදගත් වෙන්නෙ වසංගතයෙන් ආරක්ෂා වෙන එක. ඒ වගේම ඉක්මනට රට යථා තත්ත්වයට පත් වුණාම ඉක්මනින් සංගීත ප්‍රසංග එක්ක එකතුවෙන්න පුළුවන් වෙයි කියන බලාපොරොත්තුවෙන් ඉන්නවා.
Dream star තරගය තමයි මගේ ජීවිතේ වෙනස් කළේ.ඒ ගැන මතක් කරොත් කියන්න දේවල් ගොඩාක් තියෙනවා.මුළු දවසක්ම වුණත් ඒ මතකය ගැන කතා කරන්න පුළුවන්.Dream star හරහා ජීවිතේට ලැබුණු අත්දැකීම් හරහා තමයි අපි හැදුණේ.ඒක හරි සුන්දර මතකයක්.ඇත්තටම ඒක වචනවලින් කියලා ඉවර කරන්න බැහැ.දෙරණ ආයතනයට ගොඩක් ස්තූතියි මට වගේම තව බොහෝ පිරිසක් මේ ක්ශේස්ත්‍රයට හදුන්වලා දුන්නට.
ඒක හරින සාමාන්‍ය දෙයක්.හේතුව තමයි reality ඒම දිගින් දිගටම සිද්ධ වෙනවා.ඒ හරහා අලුත් අලුත් අය කේෂ්ත්‍රයට එනවා.පළවෙනිම දේ reality වලින් ක්ෂෙත්‍රයට එද්දි හරි අවබෝධයක් හරහා නෙවෙයි එන්නෙ.මේ ක්ෂෙත්‍රය ගැන හරි අවබෝධයක් ලැබෙද්දි ගොඩක් අයට music අතෑරෙනවා.ඒ වගේම music පැත්තෙන් ගත්තොත් අපි අනිවාර්යයෙන්ම හොඳ හැදෑරීමක් කළ යුතුයි.එහෙම නැතිව අපිට රදා පවතින්න හරි අමාරුයි. මම හිතනවා reality හරහා මතුවෙන තරු music ගැන හොඳ හැදෑරීමක් කිරීමෙන් ලොකු ගමනක් යන්න පුළුවන් කියලා.
ඒ ගැන ඇත්තටම මම කල්පනා කරන්නෙවත් නැතිම දෙයක්.ඒක රසිකයන්ගෙ දෙයක්.මං නම් ඒ ගැන වද වෙන්නෙ නැහැ.මං මගෙ ජීවිතේ සරලව මට ඕනි විදිහට අරගෙන යන කෙනෙක්.හැබැයි මං හිතනවා මිනිස්සු ගොසිප් ගැන නෙවෙයි හිතන්න ඕනි.කලාකරුවන්ගේ කලාව තමයි රසවිඳින්න ඕනි.හැමෝටම පවුද්ගලික ජීවිතයක් තියෙනවා.ඒ ගැන හොයන්නෙ නැතිව කලා කටයුතු රසවිඳිනවා නම් ඇත්තටම හොඳයි
ඒක අත්‍යවශ්‍යමයි කියන්න බැහැ අපට.ඒ ඒ ගීතය අනුව ඒක වෙනස් වෙනවා.අපි ඕන තරම් දකිනවානෙ සමහර ගීතවල audio එක හරි ජනප්‍රියයි.මේ ගැන කියන්න තියෙන ළගම හොඳම උදාහරණය තමයි යොහානි කරපු cover song එක “මැණිකේ මගේ හිතේ”.ඒක ලෝකෙට ගිය සිංදුවක්නෙ.නමුත් ඒකට mucic vedio එකක් නැහැ.තියෙන්නෙ singing shots ටිකක් විතරයි.හැබැයි සමහර සිංදු ප්‍රේක්ෂකයා අතරට යන්න music Vedio එක හේතුවක් වෙනවා.නමුත් අත්‍යවශ්‍යයි කියන්න බැහැ.ඒක සාපේක්ෂයි.
සංචාරය ගීතය ලීවේ.. අයියා.music කරේ දිනේෂ් බුද්ධික අයියා.vedio එක මගෙමයි.ඉතිං හොඳ ප්‍රතිචාර තියෙනවා ඒකට.මගෙ කලින් ගීත ටික මං එක රැල්ලකට කොටු වෙලා.නමුත් මේ ගීතය හරහා ඒ රාමුවෙන් එළියට ඇවිත් මං වෙනස් දෙයක් කරා කියලා.ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාර නිසා මගෙ උත්සාහය සාර්ථකයි කියලා මං හිතනවා.
ඇත්තටම ඒකට හේතුව වුණේ මට විශ්ව විද්‍යාලය වරම් ලැබුණා.ඉතිං අධ්‍යාපන කටයුතු එක්ක වෙලාවක් වෙන් කර ගන්න අපහසු වුණා .නමුත් ඒ අතර තුර වෙනස් නිර්මාණයකින් රසිකයින් අතරට එන්න ලොකු වුවමනාවක් තිබුණා.ඉතිං අධ්‍යාපන කටයුතු අතරතුර තමයි මේ ගීතය නිර්මාණය කළේ. නිර්මාණයක් එළි දක්වන්න කාලයක් ගත වුණේ ඒ නිසයි
ජීවත් වෙච්ච හැම දවසක්ම මට අභියෝගයක් කියලයි මට දැනෙන්නෙ.මං හුගක් දුප්පත් පවුලක කෙනෙක්.dream star ආවෙ ගොඩක් දුක්විඳලා.මං හැම දුකක් කරදරයක්ම දරාගෙන මේ ගමන ආවා.මට පුළුවන් උපරිමයෙන් මං ඉගෙන ගත්තා.අද මං සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ ඉගෙන ගන්නවා.ඉතිං මං හිතනවා අභියෝග හැමදාටම ඒවි.මෙතනින් එහාටත්.ඒ හැමදේම හරිවිදිහට දරා ගත්තොත් ඉස්සරහට යන්න පුළුවන් .
පළවෙනිම දේ තමන් කරන දේ ගැන හරියට ඉගෙන ගන්න.ඉවසීමෙන් ඉන්න.අතාරින්න එපා කොයිම වෙලාවකවත්.බොහෝ වෙලාවට අපි කරන කරන දේ වරදිනවා වෙන්න පුළුවන්.ඒත් කවදමහරි හරියනවා කියන බලාපොරොත්තුවෙන් ඒ වෙනුවෙන් මහන්සි වෙන්න.කැපවීම් කරන්න.විශ්වාසයෙන් ඉන්න.උත්සාහය අත්හරින්න එපා .කවදමහරි දවසක ඒ උත්සාහය ඔබව ඔබට අවශ්‍ය තැනට අරන් යනවා.
අද අපිත් සමග කතා බහට එකතු වුණු ජනප්‍රිය යොවුන් ගායක ජනිත් ඉද්දමල්ගොඩ ගේ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න smartlady.lk අපි සුබ පැතුම් එකතු කරනවා.
නැවතත් මෙවැනිම වූ කතා බහකින් ලබන සතියේත් හමුවෙමු
Saru FM Media