Chat With Star – සචින් ලියනගේ

0
16


මේ දිනවල සිරස නාලිකාව ඔස්සේ විකාශය වන ” කියා දෙන්න ආදරේ තරම් ” ටෙලිනාට්‍යය ඔස්සේ ප්‍රේක්ෂකයාගේ ආදරය දිනාගත් ” නිර්වාණ් ” ගේ චරිතයට පණ පොවන සචින් ලියනගේ එක්ක තමයි අද Chat With Star කතා බහ දිග හැරෙන්නේ

මේ දවස් වල කොවිඩ් තත්වය නිසා රූගත කිරීම් කටයුතු ටිකක් නැවතිලා තියෙන්නේ.ඒ වගේම තව වැඩ කීපයකට ආරාධනා ලැබිලා තියනවා.ඒවා බලලා තමයි මම බාරගන්නේ.මොකද වැඩ කීපයකට එකපාර බිසී උනාම එකක් වත් හරියට කරගන්න බැරි වෙනවා.

මගේ ගෙවල් ළඟ ඉන්නවා රසංග ද සිල්වා කියලා ගායකයෙක්.එයත් එක්ක එයාගේ සින්දුව බාරදෙන්න ගියා මම ශ්‍රී ටීවි එකට.ඒකේ ඉන්න සුජිත් අයියා මම එතන ඉන්නවා දැකලා මට ආරාධනා කරනවා මියුසික් වීඩියෝ එකක දුශ්ටයාගේ චරිතයට.මනේජ් සංජයගේ ” ඔයා වගේ තව කෙනෙක් ” කියන ගීතයේ.ඒ එක්කම මට ඒ වගේම තව චරිතයක් ලැබෙනවා.ඊට පස්සේ මම 2017 දි දෙරණ අවුරුදු කුමාරයා තරඟයට සහභාගි වෙනවා.ඒකෙන් මම 1 st runner up වෙනවා.ඊට පස්සේ 2019 හිරු අවුරුදු කුමාරයා තරඟයටත් මම සහභාගි වෙනවා.ඉතින් ඒකෙන් පස්සේ ආරාධනා ලැබෙනවා අහස් මාළිඟා නාට්‍යයේ චමත් ගේ චරිතයට.ඒකත් එක්ක දිගටම යද්දි තමයි ධනුශ්ක රත්නායක අයියා මට කතා කරන්නේ කියා දෙන්න ආදරේ තරම් නාට්‍යයට.

අනිවාර්යයෙන්ම පොඩි හරි හැදෑරීමක් තියෙන්න ඕනේ.රූගත කිරීම් වලදි හැසිරෙන්න ඕන විදිය , ප්‍රවීණයන්ට සලකන්න ඕනෙ විදිය , set එකේදි භාවිතා වන camera roll , ready ,action වගේ ගොඩක් වචන සහ දේවල් තියනවා ඉගෙන ගන්න.එකපාරටම ක්ශේත්‍රයට එනවට වඩා ටිකක් හරි දැනුවත් වෙලා එන එක තමන්ට ගොඩක් හොඳයි

ඇත්තටම මම හිතුවට වඩා පලවෙනි දවසේ ඉඳන්ම මට ගොඩක් ප්‍රතිචාර ලැබෙනවා. ” ලොකූ ” කියන චරිතයට මිනිස්සු ගොඩක් කැමතියි.සමහර මිනිස්සු අහනවා ඇයි ඔච්චර ලොකු කම කියලා.ඒක ඒ character එකේ ස්වභාවය. එයා කාගෙන්වත් depend වෙන්න ආස නැති කෙනෙක්.නමුත් එයා හැමෝටම ආදරෙයි .ඉතින් කට්ටිය කෝල් කරනවා මෙසේජ් කරනවා,ගොඩක් ආදරෙයි ඒ චරිතයට.මම ප්‍රධාන චරිතයක් රඟපාන පලවෙනි නිර්මාණයෙන්ම මට ලැබෙන ප්‍රතිචාර ගොඩක් හොඳයි .තාම කොටස් 17 වගේ විකාශය වෙලා තියෙන්නේ.ඉතින් ඒ ටිකට මට එන ප්‍රේක්ෂක ප්‍රතිචාර වලට මම ගොඩක් සතුටු වෙනවා.

මට විවාහය ගැන බලාපොරොත්තුවක් නෑ තව අවුරුදු පහකට වත්. මගේ affair එක නතර වෙලා අවුරුදු තුනකට වඩා වැඩියි.ඉතින් මම හිතන්නේ කාටහරි ආදරය කරන්න කලින් මුලින්ම තමන් තමන්ට ආදරය කරලා සතුටු කරලා ඉන්න ඕනේ.මොකද අපිට ආදරය කරන කෙනෙක් ලගට එද්දි අපි සම්පූර්ණ වෙලා ඉන්න ඕනේ.ආදරය කරන කෙනාට කිසි දෙයක් දෙන්න බැරුව අපි එයාව ලං කරන් වැඩක් නෑ.ආදරේ කියන්නේ හරිම සුන්දර දෙයක්.අම්මගේ ආදරේ තාත්තාගේ ආදරේ වෙනස් වගේ, මේ හැමෝගෙම ආදරේ එක තැනකට ගත්තොත් දුක සතුට තනිකම හැමදේම එකතු වෙච්ච නවාතැනක් තමයි ආදරේ කියන්නේ

අහස් මාළිඟා නාට්‍යයේදි මට ප්‍රවීණයන් කීප දෙනෙක් ආශ්‍රය කරන්න ලැබුනා.කියා දෙන්න ආදරේ තරම් නාට්‍යයේත් ඇත්තටම ප්‍රවීණයන් වැඩියි.මම හිතන් හිටියා ප්‍රවීණයන් අපි ආශ්‍රය කරද්දි පොඩි පොඩි gaps තියන් තමයි ආශ්‍රය කරන්න ඕනේ කියලා.නමුත් අපි එයාලා එක්ක වැඩ කරද්දි සහ ආශ්‍රය කරද්දි තේරෙනවා ඇත්තටම එයාලා හරිම හොඳයි .අපි එයාලට හොඳින් සලකනවා නම් අපි එයාලට ගරු කරනවා නම් අපේ වැඩෙත් අපි හරියට කරනවා නම් , එයාලා අපිට හරි ආදරෙයි ,හැමදේම කියලා දෙනවා.මට එයාලගෙන් කිසිම අඩුවක් වෙලා නෑ.එයාලා ගොඩක් ලොකු සහයෝගයක් දෙනවා.

මෙහෙමයි.මෙගා ටෙලිනාට්‍යය හොඳයි .නමුත් අපි දීර්ඝකාලීනව එකම චරිතයකින් කොටස් 500 ක් විතර එද්දි මිනිස්සුන්ට එපා වෙන්න පුලුවන්.මම ගොඩක්ම කැමති සාමාන්‍යයෙන් කොටස් 150 වගේ යන නාට්‍යය වලට. .එතකොට අපිට ප්‍රේක්ෂකයා අතරට ගිහිල්ලා අපේ තියන චරිතය ගොඩනගල ආයෙ එන්න පුලුවන් .එතනින් එහාට අපේ චරිතය නෑ.ඊට පස්සෙ වෙන චරිතයකින් වෙනස් විදියට එන්න පුලුවන් .ඉතින් මෙගා ටෙලිනාට්‍යය ගැන ලොකු පැහැදීමක් මගේ නෑ.

දැනට තියන බලාපොරොත්තුව තමයි කියා දෙන්න ආදරේ තරම් නාට්‍යයේ චරිතයට 100% කරන එක, සාධාරණයක් කරන එක.මම හිතනවා දැනටමත් සාධාරණයක් වෙනවා කියලා.එතනින් එහාට ගත්තොත් මම ආසයි මගේ තියන අඩුපාඩු සහ ඒ හැමදේම සම්පූර්ණ කරන් සිනමාවට යන්න.සිනමාවේ තරුවක් වෙන්න මං ආසයි.ඇත්තටම මගේ dream එක තමයි සිනමාව

මට හිතෙන්නේ එයාලගේ තියන අඩුපාඩුවක් ඒකට හේතු වෙන්න පුලුවන් අනිවාර්යයෙන්ම .මම දකින විදියට දැන් දක්ශ නලුවන්ගේ හිඟකමක් තියෙනවා.සමහර වෙලාවට part time මේක කරනවා වෙන්න පුලුවන් ,සමහර වෙලාවට කැපිල්ලක් ඇවිල්ලා ,නැත්තම් set එකේ හැසිරෙන විදිය ,ප්‍රවීණයන් එක්ක ඇසුරු කරන විදිය , වරදින ප්‍රමාණය අනුව වගේ දෙවල් මේකට හේතු වෙන්න පුලුවන් .

මම හිතන්නෑ මට එහෙම වෙයි කියලා.මොකද මම මිනිස්සු එක්ක ගනුදෙනු කරන විදිය ගොඩක් වෙනස්.මට මිනිස්සු එක්ක gap එකක් නෑ.මම ඉන්න නාට්‍ය යූටියුබ් දැම්මම මම හැම එපිසෝඩ් එකකම කමෙන්ට් කරනවා, මිනිස්සු දාන කමෙන්ට් කියවනවා.සාමාන්‍යයෙන් ලයිව් ඇවිල්ලා ප්‍රශ්න වලට උත්තර දෙනවා වගේ දේවල් මම කරනවා.අපි කොච්චර ප්‍රසිද්ධ උනත් මිනිස්සු එක්ක ඉන්න ඕනේ.මිනිස්සු ගරු කරන හොඳ category එකේ ඉන්න කලාකරුවෙක්ට ප්‍රශ්නයක් ආවොත් මිනිස්සු එයාලාගෙ පැත්තෙ අනිවාර්යයෙන්ම ඉන්නවා, එයාලා වෙනුවෙන් කතා කරනවා.ඒ මිනිස්සු එයාලට තියන ආදරෙ නිසා.අනික අපි සාමාන්‍යයෙන් ජනප්‍රිය තත්වෙකට, කැපී පෙනෙන තත්වෙකට ආවම අපේ පෞද්ගලික ජීවිතෙත් යම් තරමකට maintain කරන්න ඕනේ.මොකද හැම වෙලේම අපෙන් ආදර්ශයක් යනවා audience එකට.ඉතින් මම හිතන්නේ අපි මිනිස්සුන්ට වැරදි දෙයක් නොදෙනවා නම් මිනිස්සු අපිත් එක්ක ඉන්නවා

මගේ ජීවිතේ වැඩිපුරම තිබ්බේ ඒ වගේ අවස්ථාවන්.කවදහරි මට වටිනාකමක් තියන ලොකු audience එකක මට කතා කරන්න ලැබුනොත් මම ඒ හැමදේම කියනවා.මගේ තාත්තා නැතිවුනේ මට අවුරුදු 16 දී.මගේ අක්කා නැතිවෙනවා දැනට අවුරුදු 4 කට කලින්.මම අක්කගෙ පුතාව බලාගන්නවා.කියා දෙන්න ආදරේ තරම් නාට්‍යයේ නිර්වාණ් කියන චරිතය මගේ සැබෑ ජිවිතයට සමානයි.මං හිතන්නෙ එදා ඉඳන්ම ආවේ දුක තමයි.දැන් මම තැනක ඉන්නවා.මම හිතන්නේ මම කට්ට කාලා ආව මනුස්සයෙක් නිසා ඉස්සරහට ඒ වගේ දේවල් ආවොත් හොඳින් මූණ දෙනවා

ලෝකයේ ජිවත් වෙන මිනිස්සු එක එක විදියයි.නලුවෝ කිව්වමත් එක එක සමාජ පරිසර වල , පවුල් පරිසර වල ජීවත් වෙච්ච මිනිස්සු.ඉතින් ඒ පසුබිම් එක්ක එයාලා හොඳ සහ නරක වෙන්න පුලුවන් .ඉතින් මිනිස්සු ගොඩක් වෙලාවට දකින්නේ නරක පැත්ත විතරයිනේ .එයාලා දකින දෙන්නෙක් තුන්දෙනෙක්ගේ විදියට තමයි මුලු සමූහයම දකින්නේ.ඒක තමයි මෙතන තියන අඩුපාඩුව.ඉතින් මම අලුතෙන් එන්න ඉන්න අයට කියන්නේ ක්ශේත්‍රයට ආවම පිළිවෙලට ඉන්න ඕනේ.discipline හදාගන්න ඕනේ.ප්‍රවීණයක් අපිට වඩා ගොඩක් ඉහලින් ඉන්න නිසා අපිට එයාලගේ දැනුම අවශ්‍යයි.සහ එයාලට ගරු කරන්න ඕනේ හැමවෙලාවෙම.මම හිතන්නේ ඒ දේවල් තමයි වෙන්න ඕනේ.

අද අපේ කතා බහට එකතුවුන ඔබ ආදරය කරන සචින් ලියනගේට ඔහුගේ කලා කටයුතු සාර්ථක වෙන්නත් , සිහින සැබෑ වෙන්නත් Smart Lady අපි සුබ පතනවා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here