මෙවර රයිගම් සම්මාන උළෙලේදී ජනප්‍රිය නළුවාට හිමි සම්මානය දිනා ගත්තේ ඔහුයි. පුංචි තිරයට අලුත් මුහුණක් වුණත් කුසල් කියන්නේ වේදිකාව තුළින් තම රංගන හැකියාව පෙන්නූ සම්මානනීය කලාකරුවෙක්. ජයප්‍රකාශ් සිවගුරුනාදන් මහතා අධ්‍යක්ෂණය කරන “පාර දිගේ “ටෙලි නාට්‍යයේ “බණ්ඩා ” එක්ක කළ සොඳුරු කතාබහයි මේ.
මෙවර රයිගම් සම්මාන උළෙලේදී ජනප්‍රිය නළුවාට හිමි වුණු සම්මානය දිනා ගත්තේ කුසල්. මුලින්ම මේ අලුත් සම්මානයට smartlady අපෙන් සුභ පැතුම්….
ගොඩක් ස්තුතියි.
මට වඩා මේ සම්මානය ලැබීම සම්බන්ධයෙන් සතුටු වෙන ප්‍රේක්ෂකයින් පිරිසක් මට ඉන්නවා. ඒ ගැන මම ගොඩක් සතුටු වෙනවා. ඒක තමයි මම ලබපු ලොකුම ජයග්‍රහණය වෙන්නේ. මට වඩා සතුටු වෙන ප්‍රේක්ෂක පිරිසක් ඉන්නව කියල දැනෙන එක තමයි මට තියෙන ලොකුම ජවය, ලොකුම සන්තෝසය වගේම එකම විශ්වාසය වෙන්නේ.
ඔව්. පුංචි තිරයේ මම රඟපෑ නිර්මාණයක් වෙනුවෙන් මේ මම ලබපු මුල්ම සම්මානයයි. වේදිකා නාට්‍ය වල මම හොඳම නළුවා, හොඳම සහය නළුවා, රංගන කුසලතා, ජූරියේ විශේෂ ඇඟයිම් බෝහෝ ප්‍රමාණයක් දිනලා තියෙනවා. ඊට අමතරව රාජ්‍ය නාට්‍ය උළෙලේ හොඳම සහය නළුවා දෙවතාවක්ම දිනා ගෙන තියෙනවා. යෞවන සම්මාන උළෙලේදී හොඳම නළුවා, හොඳම සහය නළුවා සම්මාන ලබාගෙන තියෙනවා. වේදිකා නාට්‍ය වල සම්මාන බොහෝමයකටම පාත්‍ර වුණත් මේ තමයි ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයෙන් සම්මානයක් ලබා ගත් පළමු අවස්ථාව. ඒ සම්මානයත් “ජනප්‍රිය නළුවා”ට හිමි සම්මානයයි. ඒ නිසා මේ සම්මානය මට විශේෂයි.
මම ජීවිතේ එහෙම ලොකුවට හීන දකින කෙනෙක් නෙවෙයි. පොඩි කාලේදීත් එහෙමයි. මට ලොකු වුණාම කවුරුන් වෙනවාද කියලා හීනයක් තිබුණේ නැහැ. හැබැයි පාසල් කාලයේ ඉඳන්ම නාට්‍යවලට සම්බන්ධ වෙලා හිටපු නිසාම යම් යම් අවස්ථාවල දී “මට කරන්න පුළුවන් දේ මේක ” කියලා මට වැටහිලා තියෙනවා. නමුත් ඒක මහ ලොකුවට මගේ ඔලුවේ තිබුණු බලාපොරොත්තුවක් නෙවෙයි.
මගේ උපන් ගම නාවලපිටිය. ටික කාලයකින්ම අම්මයි අප්පච්චියි හොරණට ඇවිත් තියෙනවා. ඊට පස්සේ අපේ ජීවිත ගෙවුණේ හොරණයි . නාවලපිටිය උපන් ගම වුණත් එහේදී ගෙවුණු ලමා කාලයක් ගැන මට මතකයක් ඇත්තේම නැති තරම්. අද දරුවන් ගෙවන ළමා කාලයට වඩා ඉතා සුන්දර ලමා කාලයක් මට තිබුණා.කොච්චර සල්ලි දීලවත් ගන්න බැරි දෙයක් තමයි ළමා කාලය කියන්නේ. දැන් ඉන්න පරම්පරාවට සාපේක්ෂව හරි අපූරු ළමා කාලයක් මට තිබුණා. අපෙන් පස්සේ එන පරම්පරාවට අපි ගත්තු සතුට, අපි ගත්තු අත්දැකීම් ටික ගන්නට ලැබෙන්නේ නැහැ. ඊට පස්සේ එන පරපුරට ඒක තවත් වෙනස් වෙනවා. කොහොම වුණත් මට හරි ලස්සන ළමා කාලයක් තිබුණා.
මගේ පවුලේ ඉන්නේ අම්මයි අප්පච්චියි මමයි. පවුලේ එකම දරුවා මමයි. මගේ අප්පච්චි ප්‍රවාහන අධිකාරියේ සේවය කරලා දැන් විශ්‍රාමිකයි. අම්මා රැකියාවක් කළේ නෑ. හැබැයි ඇය හොඳ ගෘහණියක්.
ඔව් ඇත්තෙන්ම. මට හරි අපූරු පාසල් කාලයක් තිබුණා. මම පාසැල් දෙකකින් ඉගෙන ගත්තා. මුලින්ම ගෝනපල පලන්නෝරුව මධ්‍ය මහ විදුහලෙන් අධ්‍යාපනය හැදෑරුවා. ඊට පස්සේ ශිෂ්‍යත්ව විභාගය සමත් වෙලා මම හොරණ විද්‍යාරත්න විදුහලට ඇතුළත් වුණා. ඒ පාසල හරහා මම නාට්‍යවලට සම්බන්ධ වුණා. බොහොම සුන්දර පාසල් කාලයක් මට තිබුණා. පන්ති කාමරයේ නොහිටපු තරමට නාට්‍ය කාමරයේ නාට්‍ය ගුරුවරුන් එක්ක නාට්‍ය පුහුණුවීම් කරපු කාලයක් ඒක. රෑ එලිවෙනතුරා සමස්ත ලංකා නාට්‍ය උළෙලවල්වලට පුහුණු වීම් කලා. විද්‍යා රත්න විදුහලේදී අලු පිහිදලා දාලා හැංගුණ නාට්‍යකරුවා මා තුළින් බිහිවුණා. බොහෝ නාට්‍ය කරුවන් එම පාසලෙන් බිහි වුණා. ඒ නිසා ඒ කාලය මට හරි විශේෂයි.
ඒ දෙන්නගෙන් ලොකු කැමැත්තක් තිබුණෙත් නැහැ. ලොකු අකමැත්තක් තිබුණෙත් නැහැ. පොඩි පොඩි අකමැතිනම් තිබුණා. සමහර තැන්වලදී “හොඳ ජොබ් එකක් කලානම් හොඳයි ” කියලා කියපු තැන් තිබුණා. හැබැයි ඒ ඔක්කොම දේවල් එක්ක, කරන සමහර දේවල් එක්ක “මූට වෙන වෙන දේවල් කරන්න බැහැ මේක තමයි කරන්න පුලුවන් “කියලා ඒ දෙන්නටම හිතුණා. එක තැනකදී මගේ අම්මයි අප්පච්චියි මාව විශ්වාස කරන්න පටන් ගත්තා. ඒ අනුව කලාවට දිගටම සම්බන්ධ වෙන්න පුළුවන් වටපිටාවක් ඒ දෙන්නා මට හදලා දුන්නා. ඒ වෙනුවෙන් පූර්ණ නිදහස ගේ තුලදී මට ලබලා දුන්නා. මේ වගේ කාලයක රස්සාවක් නැතිව මාව බලාගන්නවා කියන්නෙත් දුෂ්කර දෙයක්. නමුත් ඒ වගකීම අම්මයි අප්පච්චියි ගත්තා.
බණ්ඩා කියන චරිතය ලියවෙන විදිහ හා එය අධ්‍යක්ෂණය වෙන විදිහ හරි අපූරුයි. සද්ධා මංගල සූරියබණ්ඩාර මහතාගේ රචනය ඔහුගේ හදවතට දැනෙන විදිහට ලියවෙනවා. එය හරිම අපූරු විදිහට ජයප්‍රකාශ් සිවගුරුනාදන් මහතා අධ්‍යක්ෂණය කරනවා. පොකට් ගහන මනුස්සයෙක්, ගේම් කාරයෙක් වුණාට බණ්ඩා කියන්නේ ආදරණීය මනුස්සයෙක්.
ඒ හිත හොඳ ගේම් කාරයාට මිනිස්සු ආදරය කරන්න පටන් ගත්තා. ඒ ගේම් කාරයා නිර්මාණය කරන්නේ සමාජයයි. උපතින් මනුස්සයෙක් ගේම් කාරයෙක් වෙන්නේ නැහැ. මේ සමාජයේ තියෙන ක්‍රමවේදත් එක්ක බණ්ඩා ගේම් කාරයෙක් වුණා.මේ සිස්ටම් එක ඇතුළේ තමයි ගේම් කාරයෝ නිර්මාණ වෙන්නේ. ඒ ගේම් කාරයාව රටේ මිනිස්සු ජනප්‍රිය කළා. ඒකට ගොඩාක් ස්තුතියි.
මගේ ජීවිතේ විශේෂ ආදර කතා, නැවතුණු තැන් ගොඩක් තියෙනවා. පාසැල් ප්‍රේමයක් මට එහෙම ලොකුවට තිබිලා නැහැ. හැබැයි ආදරයේදී කැමති අකමැති වුණු, කාටවත් නොකියපු, හිතේ හිරකරගෙන හිටපු ඒකපාර්ශ්වික ප්‍රේම කතා පාසැල් කාලයේදී තිබිලා තියෙනවා. එක එක කාලවලදී විවිධ ප්‍රේම කතා අඩු වැඩි වශයෙන් තිබිලා තියෙනවා. එහෙම තැන් වල හිත නතර වුණු තැන් බොහෝයි.
අනේ එහෙම නැහැ. අද හැමෝගේම ආදරය එක්ක මම ජීවත් වෙනවා. ප්‍රේමයේදි මම අද ලොකුවට කලබල වෙන්නේ නැහැ.
අම්මෝ…දේශපාලනයට සම්බන්ධ වෙන්න මගේ කිසිම අදහසක් නැහැ. යම් යම් අයගෙන් මේ වෙද්දිත් ආරාධනා ලැබෙනවා. හැබැයි දේශපාලනය කරන්නට මගේ ජීවිත කාලය පුරාවටම කිසිම අදහසක් නැහැ.
මේ දිනවල “පාර දිගේ ” රූගත කිරීම් වලට සම්බන්ධ වෙනවා. චිත්‍රපට දෙකක රූගත කිරීම් කලා. තව ටෙලි නාට්‍ය නිර්මාණයකට සම්බන්ධ වුණා. කොවිඩ් කාලයට පෙර පටන් ගත්තු ටෙලි නාට්‍යක ඉතිරි රූගත කිරීම් ඉදිරියේදී සුදානමින් තියෙනවා.
ඉදිරි වැඩ ටික කලබලයකින් තොරව කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා. ඒක ඇතුලේ ජීවිතේ ලොකු අදහස් නැහැ. මම හෙමින් ගමනක් ආපු කෙනෙක්.මේ ගමනේදීත් කලාව අධ්‍යනය කරන ගමන් ඉදිරියේදීත් හෙමින් ගමනක් යාවි. “පාර දිගේ ” මුලු කණ්ඩායමටත්, මම වෙනුවෙන් එක එස්. එම්. එස්. එකක් එවපු, මට ආදරය කරන,බණ්ඩාට ආදරය කරන හැමෝටම ගොඩක් ස්තුතියි.
Saru FM Media