Chat with Smartlady – ශලනි තාරකා

0
14


‘යක්ෂණියක වූ ගැහැණියකගේ ස්වයංවරය’ හෙවත් ගිරි දේවි මේ දිනවල අපි හැමදෙනාගෙම අවධානය සහ ආදරය දිනා ගත් ටෙලි නාට්‍යයක්. එහි ප්‍රධාන චරිතය වුණු “ආශා” අපූර්ව ලෙස මවන ශලනි තාරකා එක්ක තමයි අද අපේ Chat with smartlady” ගෙන එන්නේ.

ආශා පිළිසිඳ ගන්නේම වෛරයෙන් .ඇය ජීවිත කාලය පුරාම වෛරයට ලක් වෙන ගැහැණියක්. පීඩනය විඳ දරාගෙන නැගිටින්න උත්සාහ කරන ගැහැණියක්.
ශාන්ති මහත්මිය ගැන කිව්වොත් මම ඇයට වඩා ඇලුම් කරන්නේ ඇගේ වාලුකා නවකතාව කියවලා. ඇය අහිංසක දුබල ගැහැණු වගේම ශක්තිමත් ගැහැණු ගැනත් ලියන ස්ත්‍රීත්වය ඉතා අගය කරන විශිෂ්ඨ ලේඛිකාවක්.

ආශා නිතරම කරන්නේ දුවනවා.ගස් නගිනවා. ගල් ඇනි ඇනී දුවන්න මට සිද්ධ වුණා. මං pedicure කරලා ලස්සනට කකුල් දෙක තියා ගන්න පුරුදු වුණු ගෑනු ළමයෙක්. ෂූටිං ඉවර වෙලා බලනකොට තමයි කකුල් හොඳටම නාස්ති වෙලා කියලා දැක්කේ. හැබැයි දුකක් නැත්තේ මම ඒ හැමදෙයක්ම කැප වීමෙන් කරපු නිසා.

අමතක නොවන සිදුවීමක් කිව්වොත් පළමුවැනි සීන් එක තිබ්බේ දසුන් පතිරණ අයියා බයික් එකේ යනකොට මං දුවගෙන ඇවිත් බයික් එකට නගින සීන් එකක්. මම කොහොමත් සමීපම සහෝදරයෙක්ට වුණු අනතුරක් නිසා බයික් වලට බය කෙනෙක්. ඒත් සීන් එක කළා. එතකොට බයික් එකේ දෝෂයක් වෙලා අපි විසී වෙලා වැටුණා. වැටෙනකොට මම බයික් එකට යට වුණා. ගවුමක් ඇදල හිටිය නිසා හැමෝම බය වුණා මගේ කකුල් වලට හානි වෙලා කියලා..ඒත් මොකුත් වෙලා තිබුණේ නැහැ.ළිඳ ඇතුළට බහින්න වුණු සිදුවීමත් අමතක නොවෙන සිදුවීමක්.

දූෂණය වගේම ආදරය නිසා රැවටිලිකාර පිරිමියෙක්ට අහු වෙලා අනවශ්‍ය ගැබ්ගැනීම් වලට ලක් වෙන කාන්තාවන් ගොඩක් දුක් විදිනව… පියෙක් බාර ගන්න අකමැති වුන දරුවෙක්ගේ අම්මා කෙනෙක් වීමනිසාම ඒ කාන්තාවන් සමාජය තුල ඉතාමත් අවමානයට පත් වෙනවා.. ඒත් පිරිමියා අවශ්‍යතා ඉෂ්ට කරගෙන මඟ ඇරලා යනවා. දරුවා දරා ගැනීම, වේදනා විඳගෙන බිහි කිරීම සහ හදා වඩා ගනිමින් නින්දා විඳීම අයිති අම්මලාට විතරයි කියන මතය වෙනස් වෙන්න ඕන දෙයක්.. සිංගල් පේරන්ට් කෙනෙක්ටත් අපේ රටේ වටිනාකමක් හැදෙන්න ඕන. විදේශ රටවල බලන්න. ලාබාල අම්මලාගේ දරුවෝ බලා ගන්න ඩේ කෙයාර්ස් ඕනෑ තරම්. මග හැරුනු අද්‍යාපනය වුනත් සම්පූර්ණ කර ගන්න එයාලා ආපහු ඉස්කෝලේ පවා යනවා. එයාලාට වටිනාකමක් සහ ආදරයක් ලැබෙනවා. අපේ රටේ වෙන්න ඕනෑත් අන්න ඒක. එතකොට ආශා සහ ආශාගේ අම්මා වගේ වෛරයෙන් ඉන්න දරුවෝ සහ අම්මලා බිහි වෙන්නේ නෑ.

වැඩිපුරම ඕවා කරන්නේ තමන්ගේ මූණක් පවා පෙන්වන්න බය ෆේක් කීබෝඩ් වීරයෝ. අනික ගෑනු ළමයෙක්ගේ නියුඩ් ෆොටෝස් ලීක් වෙන එකේ ඉඳලා ඔයා කැත වෙලා,මහත් වෙලා,බඳින් නැද්ද, බබාලා නැද්ද අහ අහා සමීපම අය පවා අපිව බුලි කරන්නේ නැද්ද? අපේ මිනිස්සු අල්ලපු ගෙදරට ආපු මනමාලි, එහා ගෙදර අලුත් බබා ගැන ඇද කියපු මිනිස්සු. ඒ අයම තමා මේ සමාජ මාධ්‍ය භාවිතා කරන්න නොදන්නෙත්. අපේ රටේ මිනිස්සු අනුන්ගේ දේවල් හොයන්න යොදවන කාලය දියුණු වෙන්න යොදවන්නේ නෑ. අනිත් රටවල පුදුමාකාර හොඳ කන්ටෙන්ට් යූ ටියුබ් ට්‍රෙන්ඩින් වෙනවා. අපේ ට්‍රෙන්ඩින් වෙන්නේ රටේ ඕපාදූප.

ඇත්තටම බුලි වෙන අය මේ ගැන නීතිමය පියවර ගන්න අඩියක් ඉස්සරහට තිබ්බා නම් කීබෝඩ් වීරයන්ට වුණු දෙයක් නැති වෙයි.

මිනිස්සුන්ට Depress වෙන්න හේතු ගොඩක් තියෙනවා. මුදල් ප්‍රශ්න , ආදර සම්බන්ධතා බිඳ වැටීම්, විභාග අසමත් වීම්, රැකියා ගැටලු කොච්චර තියෙනවාද.. ඒ වගේම තමයි අපි ලෝකේ කියන හැටියට අපේ ජීවිතේ පාලනේ කරන්න ඕන නෑ. අපි ඒවට කලබල වෙන්න හොඳ නෑ
.මම ගත්තොත් මගේ ජීවිතේ ටාගට් තියනවා.ඒත් ඒවා මඟ ඇරුණට මම කලබල වෙන එක දැන් ගොඩක් දුරට පාලනය කරගන්න මට පුලුවන්. තිහට කලින් බඳින්න, ළමයි හදන්න කියල මිනිස්සුන්ට කියන්න පුලුවන්. ඒත් අපි අපේ ජීවිතේ ගැන තීරණ ගන්න ඕන. මට ගැළපෙන,මං ගැන තේරුම් ගන්න ඕනෑ කෙනෙක් එපැයි මම බඳින්න. නොගැළපෙන කෙනෙක් බැඳලා දරුවෙකුත් අරන් ගෙදර එන්න බැඳලා වැඩක් නෑනෙ..
ඒ වගේ තමන්ගේ ජීවිතේට ඇත්තටම අවශ්‍ය දේ තමන්ම තීරණේ කරලා තේරුම් ගන්නවා නම් ඩිප්‍රෙස් වෙන්නේ නෑ ඇත්තටම.ඒ වගේ අයට හොඳ සවන්දෙන්නෙක් අවශ්‍යයි. හැබැයි ප්‍රශ්නේ අහන් ඉඳලා බොන්න යං කියන අය හරි ඒ ගැන ඕපාදූප පතුරවන අය හරි නෙවෙයි. අවංක යාලුවෝ. එයාව තේරුම් ගන්න, අවවාදයක් දෙන, වෛද්‍යවරයෙක් ගාවට ගෙනියන යාලුවෝ.

ඒ වගේම පසු ප්‍රසව විශාදය වගේ දේවල් කොච්චර පීඩාකාරී ද? ගැහැණු ළමයෙක් අම්මා කෙනෙක් වෙලා දරුවෙක් හදන එක එයාට ස්ට්‍රෙස් වෙන්න පුලුවන් වෙලාවකට.නිදි මරාගෙන දුක් විඳගෙන හැමදේම දරා ගන්න බැරි වුණොත් එයාව අසනීප වෙන්න පුලුවන්.ඒ වගේ අය තමයි දරුවෝ මරන්න පවා පෙළඹෙන්නේ.කාන්තාවන්ට තමන්ගේ සැමියාගේ සහයෝගය අවශ්‍යම වෙන්නේ ඒකයි. දෙන්නෙක් එක්ක දරුවෙක් හදනවා නම් දෙන්නටම වගකීමක් තියෙනවා දරුවෝ වෙනුවෙන් කැප වෙන්න. එතකොට අධ්‍යාපන තරඟය දරා ගන්න බැරුව දරුවෝ සිය දිවි නසා ගන්න එක මොන තරම් ඛේදවාචකයක්ද? ෂුශාන්ත්ගේ සිදුවීමෙන් පස්සේ මං එයාගේ Chhichhore ෆිල්ම් එක බැලුවා. ඒකෙ තියෙන්නෙත් ඒ වගේම සිදුවීමක්.

අපේ දෙමාපියන් අතින් වෙන බරපතල වැරැද්දක් ළමයින්ට රිසල්ට්ස් ගන්න බල කිරීම. අනිත් එක පාසල් ප්‍රේමයට දඬුවම් කිරීම. වැඩිහිටියන් අපිත් ඒ වයසේ හිටිය කියන එක, අපිටත් ක්‍රෂ් එකක් වත් තිබ්බා කියන එක අමතක කරලා ළමයින්ට දඬුවම් කරනවා. මේ දේවල් නිසා තමයි මිනිස්සු ස්ට්‍රෙස් වෙලා ඩිප්‍රෙස් වෙන්නේ. මේක එක පැත්තකින් කතා කරලා ඉවර කරන්න පුලුවන් කාරණාවක් නෙවෙයි . ලොකු සබ්ජෙක්ට් එකක්.

දිලීප ජයකොඩි මහත්මයාගේ බිඳුණු බිළින්දා කියවලා මං හරියට ඇඬුවා.ඒ වගේම කැතී ග්ලාස්ගේ පොත් හැම එකකටම මම හරි කැමතියි. දිලීප ජයකොඩි ඒවා ට්‍රාන්ස්ලේට් කරන විදියටත් මං හරි කැමතියි. මිනිත්තු එකොළහේ කතන්දරේත් මං කැමති පොතක්. ගිරි දේවිත් ටෙලි නාට්‍යය නිසාම දැන් බොහොම කැමති පොතක්. සෙංකොට්ටන්,සුදු නෙළුම, හෙලෝ හෙලෝ, කොළරා කාලේ ආලේ ඒ වගේ පොත් කීපයක්ම නම් කරන්න පුලුවන්. ඇත්තටම ඉතින් මතක් කරලා සහ කියලා ඉවර කරන්න බෑ.

ගිරි දේවි අවසන් රූගත කිරීම් සහ සිහින ගෙනෙන කුමාරියේ ෂූටිං වල නිරත වෙලා ඉන්නවා. ඉදිරියේ දී සිවගුරුනාදන් මහත්මයාගේ නිර්මාණයක වෙනස්ම පෙනුමකින් චරිත නිරූපණයක් කරනවා. සුනිල් කොස්තා මහත්මයාගේ ටෙලි නාට්‍යයක වැඩ කරනවා. ෆිල්ම් එකක වැඩ අවසන් වුණා.කොරෝනා නිසා පස්සට ගිය ටෙලි නාට්‍ය සහ චිත්‍රපටි කීපයකම වැඩ ඉදිරියේ කරන්න වෙයි.

කොරෝනා නිසා මඟ ඇරුණු වැඩ එක්ක මේ දවස්වල අනවශ්‍ය තරම් කාර්යබහුල වෙලා ඉන්නේ. මං හිතන්නේ ඒක මට විතරක් නෙවේ රටේ හැමෝටම පොදු තත්ත්වයක්. එහෙම නොවුණා නම් මං අනවශ්‍ය විදියට කාර්යබහුල වෙන්න වැඩ බදා ගන්න කෙනෙක් නෙවෙයි. වැඩ දහයක් ආවොත් හතරක් බාර අරන් හයක් අත් අරින කෙනෙක්.සමහර අය මං ටිකක් වැඩ අඩු වෙනකම් චරිතය බාර දෙන්න බලා ඉන්න වෙලාවල් වගේම මට අකමැත්තෙන් වුණත් හොඳ නිර්මාණ අත් අරින්න වුණු අවස්ථා පවා තියෙනවා. ඒ මම අනවශ්‍ය තරම් වැඩ බදාගෙන පීඩනයකින් ඉන්න අකමැති නිසා.

ශලනි ඉදිරියේදී හොඳ නිර්මාණ තුළින් දකින්න වගේම එයාගේ ජීවිතේ ස්මාර්ට් විදියට ගෙවන්න ලැබෙන්නත් අපි ආදරෙන් සුබ පතනවා.

ඡායාරූප- ගිරි දේවි Facebook පිටුවෙනි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here