විනූ උදානි සිරිවර්ධන, නව පරපුරේ දක්ෂ ජනප්‍රිය තාරකාවක්. ඉතා මෑතකදි විවාහ දිවියට එළඹුණු විනූ ජීවිතේ ස්මාර්ට් විදියට දකින්නේ කොහොමද?
අපේ පවුලේ මටත් අයියටත් නංගිටත් අම්මාගෙන් තාත්තාගෙන් ලොකු ආදරයක් රැකවරණයක් ලැබුණා.දුකක් නොදී හොඳින් බලා ගත්තා.ඉතින් මම හස්බන්ඩ් කෙනෙක්ගෙන් බලාපොරොත්තු වුණේ එහෙම ආදරයක් රැකවරණයක් සහ මගේ පවුලේ අය සමඟ ආදරයෙන් ගෞරවයෙන් හිඳීමක්.
ඒ වගේම මගේ සැමියා ඉතා බුද්ධිමත් කෙනෙක්. අධ්‍යාපනයෙන් හොඳ පරිපූර්ණ කෙනෙක් මගේ සැමියා විදියට තෝරා දෙන්න මගේ දෙමාපියන්ට අවශ්‍ය වුණා. ඒ හැමදෙයක්ම එක්ක මට බොහොම හොඳ හස්බන්ඩ් කෙනෙක් මගේ වාසනාවට ලැබුණා කියන්න පුලුවන්.
අද කාලයේ සැමියා සහ බිරිඳ දෙන්නාම රැකියා කරන අය. නමුත් බොහෝ ගෙවල් වල මුදල් ඉපයීම් සහ වගකීම් ගන්නේ සැමියා.ඉතින් මම දකින්නේ සැමියාට අවශ්‍ය මානසික නිදහස සහ ඔහුගේ වගකීම් ඉටු කරන්න ඔහුට උදව් කරන එක අපේ වගකීමක්.නමුත් බිරිඳක් ගේන්න ඕනෑ ගෙදර වැඩ කර ගන්න නෙවෙයි.මගේ විවාහය ගත්තොත් මං දැනට පදිංචි සැමියාගේ දෙමාපියන් එක්ක. මම ඉතින් සැමියාගේ අම්මාට උදව් දෙමින් ගෙදර වැඩ කටයුතු කරනවා.
ක්ෂේත්‍රයට මුලින්ම එනකොට මටත් ඔය දේවල් තිබුණා. මම උසස් පෙළ ඉවර වෙලා මිස් ශ්‍රී ලංකා කිරුළ එක්ක ක්ෂේත්‍රයට එනකොට නොයෙකුත් ගැරහුම්, චෝදනා යෝජනාවලට මුහුණ දුන්නා. අලුත් අත්දැකීම් නිසා වගේම සංවේදී තරුණියක් නිසා මටත් මුලදී ඒ තත්ත්වය ටිකක් අපහසු වුණා.
කටකතා කියන්නේ මුලදී එන ගැටලුවක්.ඒවා අමතක කරන්න හිත ශක්තිමත් නම්,තමන් ගැන තමන්ට විශ්වාස නම්,සමීපතමයන් තමන්ව විශ්වාස කරනවා නම් පිටස්තරයන්ගෙන් කතා ගණන් ගැනීම සහ කලබල අනවශ්‍ය වැඩක්. ඒ අයට ඒවා ලැබෙයි කියලා හිතලා නිශ්ශබ්ද ව සිටීම තමයි වැදගත්.
අනිවාර්යයෙන් හැමෝමට හොඳ මිතුරන් ඉන්න ඕනෑ. මගේ අම්මා එක්ක තමයි හැමදේම මම බෙදා ගන්නේ. හොඳ නරක කියා දෙන්නේ ඇය. ඒ වගේම හොඳ මිතුරන් ඉන්නත් ඕනෑ. නිතර කතා කරන, අවශ්‍ය මොහොතක එන යාලුවො මට ඉන්නවා. අපේ තියන අවංක භාවය මත තමයි හොඳ යාලුවො අපිට ලැබෙන්නේ.කෙනෙක්ට හැමදේම බෙදා ගන්න හොඳ යාලුවෙක් නැත්නම් මානසික පීඩා පවා හට ගන්න පුලුවන්.
ගෑනු ළමයෙක් ලස්සනට ඉන්නම ඕනෑ. පිරිසිදුව ඉන්න තරමට තමයි ලස්සනට ඉන්න ඕනෑ. හිත සතුටින් ඉන්න තරමට මුහුණේ ලස්සන වැඩි වෙන්නේ.බාහිර රූපය ගැන කතා කරනවා නම් හොඳට වතුර බොන එක, ගුණදායක ආහාර ගන්න එක හරිම වැදගත්. විලාසිතා ගැන කතා කරොත් මං ලෝකේ එන හැම ට්‍රෙන්ඩ් එකම ෆලෝ කරන් නෑ. අනිත් අය කරන දේවල් කරන්නෙත් නෑ. ලංකාවේ හැදුණු කෙනෙක් හැටියට මං ලංකාවේ සංස්කෘතියට ගැලපෙන ඇඳුම් තෝරා ගන්නවා.මගේ පැහැය, උස, ශරීරය ගැන හිතලා විලාසිතා තෝරා ගන්නත් මං සැලකිලිමත්.
ස්වර්ණවාහිනී “හද රැඳි පැය” ඉදිරිපත් කරන්නේ මම. ඉදිරියේ දී ටෙලි නාට්‍ය සහ චිත්‍රපටි කිහිපයකින් මාව දකින්න පුලුවන්. නමුත් කොරෝනා තත්වය නිසා දැනට ඒවාගේ රූගත කිරීම් අත්හිටුවා තියෙන්නේ. ඒවා තමයි කලා කටයුතු ගැන විස්තර.
විනූ, ඔබේ සුන්දර බව සහ ස්මාර්ට් බව එක්ක කලා ක්ෂේත්‍රයේ දිගු ගමනක් යන්නත් හොඳ බිරිඳක් ලෙස සතුටින් ජීවිතේ ගෙවන්නත් අපි ඔබට ආදරයෙන් සුබ පතනවා.
Saru FM Media