Thursday, May 22, 2025
Saru FM Media
Home ගොසිප් පුවත් CEB කෑලි 12 කට කඩා ප්‍රයිවෙට් කරන්න යාම නවතන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

CEB කෑලි 12 කට කඩා ප්‍රයිවෙට් කරන්න යාම නවතන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

0
3


bill-to-stop-ceb-from-being-privatized-by-breaking-it-into-12-pieces-submitted-to-parliament

 විදුලි බල මණ්ඩලයේ කොටස් දොළහකට වෙන්කර පෞද්ගලීකරණය කරමින් ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා වූ වගන්ති ඉවත් කරමින් විදුලි බල සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කර ඇත.

මෙම පනත් කෙටුම්‍පත හෙට (මැයි 23) විදුලි බල හා බල ශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ය.
නව සංශෝධන පනන්තින් විදුලි බල මණ්ඩලය කොටස් හතරකට වෙන්කර සියයට සියයක් රජය සතුව තබා ගැනීමේ වගන්ති ඒ අනුව ඉදිරිපත් කර ඇතැයි එම අමාත්‍යාංශය පවසයි.
‘2024 අංක 36 දරණ ශ්‍රී ලංකා විදුලි බල පනතසඳහා වූ සංශෝධන’ යන මැයෙන් බල ශක්ති අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කළ


සන්දේශ සලතා බලා අමාත්‍ය මණ්ඩලය ලබාදුන් අනුමැතිය පරිදි ශ්‍රී ලංකා විදුම් මල සංශෝධන පනත් කෙටුම්පත 2025 මැයි 6 දිනැති රජයේ ගැසට්‌ පත්‍රයේ පළ කිරීමට කටයුතු කළ බව ද බලශක්ති අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.
දැනට ක්‍රියාත්මක විදුලි බල පනත පාර්ලිමේන්තුවේ සම්මත කෙරුණේ 2004 ජුනි 6 වන දා ය.
එකී නව පහත් කෙටුම්පත සම්මත වීමෙන් පසු 969 අංක 17 දරන ලංකා විදුලිබල මණ්ඩල පනතසහ 2009 අංක 20 දරන ශ්‍රී ලංකා විදුලිබල පනත අහෝසි වූ අතර ඒ යටතේ විදුලිබල පිණ්ඩලය කොටස් කිහිපයකට ඛෙදා වෙන් කිරීමට යෝජනා කෙරිණි.


ලංකා විදුලි බල මණ්ඩලය තහිව සිදුකරගෙන ගිය විදුලි බල උත්පාදනය, සම්ප්‍රේෂණය, බෙදා හැරීම්, වෙළෙඳාම, සැපයීම සහ ප්‍රසම්පාදනය කොටස් 06කට බෙදා ඒවා සමාගම් ලෙස පත් කිරීමට හැකි ලෙස එයින් ඉඩ සැලැසිණි.
මේ හරහා නව තරගකාරී ආයෝජන අවස්ථා ඇති කිරීම රජයේ අපේක්ෂාව වූ බව එකලා විෂය භාර අමාත්‍ය කංචන විජේසේකර පැවසීය.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here