Cashew and pea rice හදමු.

0
16


උත්සව සමයේ  ඔබගේ නිවෙසට පැමිණෙන  අමුත්තන් ආදරයෙන් පිළිගෙන ඔවුන්ට සංග්‍රහ කිරීමට ඔබ ඉතාමත් කැමති බව අප දන්නවා.ඉතින් ඔබේ ඒ කාර්යය පහසුකරමින්  රසවත් කෑම වට්ටෝරු රැසක් ඔබට ගෙන එන්නට අප සූදානම්…..

අවශ්‍ය දේවල්.

  • බාස්මති හාල් කෝප්ප දෙකක්
  • වතුර කෝප්ප තුනහමාරක්
  • බිත්තර දෙකක්
  • මාගරින් මේස හැදි 4ක්
  • පෙති කපාගත් රතුලූනු ගෙඩි තුනක්
  • කුඩාවට කපාගත් සුදු ලූණු බික් දෙකක් සෝයා සෝස් මේස හැදි 4
  • සුදු ගම්මිරිස් තේ හැඳි කාලක්
  • තම්බාගත් ග්‍රීන් පීස් ග්‍රෑම් 200ක්
  • කජු ග්‍රෑම් 30ක්
  • බැදගත් රටකජු ග්‍රෑම් 20
  • රට කොට්ටන් මද ග්‍රෑම් 100

සාදන ක්‍රමය

බඳුනකට මාගරින් දමා රත්කර එයට  ළූණු සුදු ළූණු ළූණු සුදු ළූණු කරපිංචා හාල් දමා බැදෙන්න හැර සුදු ගම්මිරිස් එකතු කර වතුර කෝප්ප තුනහමාරක්  දමා තැම්බෙන්නට හරින්න .බත ඉදුණු පසු බැදගත් කජු සහ රටකජු ,රට කොට්ටං තම්බාගත් ග්‍රීන් පීස් සහ තම්බාගත් බිත්තර කුඩාවට කපා කොත්තමල්ලි කොළ සමඟ සකසන්න .

-ඉරේෂා-



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here