BYD වාහන පෙත්සම අතරමැදි පාර්ශ්වවලට අවසර දෙනවාද නැතිද නියෝගය ලබන 28 වැනිදා

0
7

අවසර දෙන්න එපා
ජෝන් කීල්ස් නීතිඥවරිය

ජෝන් කීල්ස් සමාගම විසින් චීනයෙන් ආනයනය කරන ලද බී.වයි.ඩී. වර්ගයේ වාහන රේගුවෙන් මුදාහැරීම ප්‍රමාදවීම සම්බන්ධයෙන් එම සමාගම විසින් ශ්‍රී ලංකා රේගුවට එරෙහිව ගොනුකර ඇති රිට් පෙත්සමට අතරමැදි පෙත්සම්කරුවන් ලෙස සම්බන්ධවීමට පාර්ශ්ව දෙකක් කර ඇති ඉල්ලීමට අවසර දෙනවාද නැතිද නියෝගය 28 වැනිදා නිකුත් කිරීමට අභියාචනාධිකරණය ඊයේ (17දා) දින නියම කළේය.

එම පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහන්ත අබේසූරිය හා කේ. ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඬුල්ලක් හමුවේ ඊයේ කැඳවිණි.

තම සේවාදායකයා විසින් ගොනු කළ එකී රිට් පෙත්සමට අතරමැදි පාර්ශ්වකරුවන් ලෙස සම්බන්ධවී කරුණු දැක්වීමට එක්තරා සංගමයක් හා පුද්ගලයකු අවසර ඉල්ලා ඇතත් එයට අවසර ලබාදීම සම්බන්ධයෙන් සිය සමාගම වෙනුවෙන් දැඩි විරුද්ධත්වය දක්වන බවත්, එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරන ලෙසත් ජෝන් කීල්ස් සමාගම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ පර්සානා ජමිල් මහත්මිය විනිසුරු මඬුල්ලෙන් ඉල්ලා සිටියාය.

සිය සමාගම වෙනුවෙන් අද (18දා) එකී විරෝධතා ලිඛිතව අධිකරණය හමුවේ ගොනුකරන බවද ජනාධිපති නීතිඥවරිය වැඩිදුරටත් දන්වා සිටියාය. එමෙන්ම පෙර නඩු දිනයේදී අභියාචනාධිකරණය විසින් ලබාදුන් මග පෙන්වීම අනුව ශ්‍රී ලංකා රේගුව භාරයේ රඳවාගෙන සිටින සිය සමාගම විසින් ආනයනය කරන ලද බී.වයි.ඩී. වාහන 625 සමාගම් බැඳුම්කර යටතේ මුදාහැරීමට ශ්‍රී ලංකා රේගුව කටයුතු කරමින් පවතින බවද ජනාධිපති නීතිඥවරිය අධිකරණයට දැනුම් දුන්නාය.

ඒ. ජේ. ඒ. අබේනායක

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here