ලස්සන කැරලි කොණ්ඩයකට ඕනම ගෑණු ළමයෙක් කැමතියි. සාමාන්‍ය ගමනට බිමනට වගේම උත්සව අවස්ථාවන්ටත් curl කරපු කොණ්ඩයක් අගේට ගැලපෙනවා. බොහෝදෙනා කොණ්ඩෙ curl කරන්නෙ curling ironවලින්. නිතර කොණ්ඩෙ curl කරනවා නම් එය එතරම් හොඳ ක්‍රමයක් නෙමෙයි. අධික රස්නයට නිතරම කොණ්ඩෙ නිරාවරණය වුණොත් කොණ්ඩය ඉක්මනින්ම නාස්තිවෙන්න පුළුවන්.
මෙන්න කොණ්ඩෙ පුච්චගන්නෙ නැතිව ලස්සන curl කොණ්ඩයක් ලබාගන්න ලේසි විදිහක්. අවශ්‍යවන්නේ Bubble Wrap, හෙයා ක්‍රීම් ටිකක් සහ රබර් බෑන්ඩ් පමණයි.
හරිම පසුවෙන් කොණ්ඩෙටත් වදයක් නැතිව ලස්සන curl කොණ්ඩයක් මේ විදියට ඔබටත් සකසගන්න පුළුවන්. ළඟ එන උත්සව සමයේදී සැලූන් යන්නෙ නැතිව ගෙදරදිම මේ ලස්සන විලාසිතාව කරල බලන්න පුළුවන්.
– කල්හාරී –
Saru FM Media