Breaking News: එස්.එම්.රංජිත් සහ ඔහුගේ පෞද්ගලික ලේකම්වරියට බරපතල වැඩ සහිත වසර 16ක සිරදඬුවම්

0
12


උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය එස් එම් රංජිත් සහ ඔහුගේ පෞද්ගලික ලේකම්වරිය ලෙස කටයුතු කළ ශාන්ති චන්ද්‍රසේන යන විත්තිකරුවන්ට කොළඹ මහාධිකරණය බරපතළ වැඩසහිත වසර 16ක් බැගින් සිරදඬුවම් නියම කර තිබෙනවා.

අල්ලසක් කොමිසම විසින් දූෂණ චෝදනා යටතේ ගොනුකර තිබූ චෝදනාවලට වැරදිකරුවන් කරමිනුයි අදාළ සැකකරුවන්ට සිරදඬුවම් නියම කර ඇත්තේ.

මීට අමතරව විත්තිකරුවන්ට රුපියල් ලක්ෂ දෙක බැගින් වූ දඩ ද නියම කර තිබෙනවා.

උතුරු මැද පළාතේ ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කාලයේ නීතියට පටහැනි ලෙස ඉන්ධන දීමනා ලෙස රුපියල් දෙලක්ෂ අසූදහස් පන්සියක් ලබා ගැනීම තුළින් දූෂණය නැමැති වරද සිදුකළේ යැයි චෝදනා කරමිනුයි විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් කොමිසම නඩුව ගොනු කර තිබුණේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here