BREAKING NEWS : ඇමරිකාව ලංකාවේ අපනයන මත 44% ක බද්දක් පනවයි !

0
23


සටහන – රුවන් නෙළුගොල්ල

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා විසින් රටවල් රැසකින් ඇමරිකාවට සිදුකෙරෙන අපනයනය සඳහා නව තීරුබදු පැනවීමක් සිදුකර තිබේ.

මීට මඳ වේලාවකට මෙම බදු සම්බන්ධයෙන් නිවේදනය කෙරුණු අතර එහිදී ශ්‍රී ලංකාවේ අපනයන සඳහා 44% ක බද්දක් පනවා ඇත. මීට හේතුව වන්නේ ශ්‍රී ලංකාව, ඇමරිකානු අපනයන සඳහා 88% ක බද්දක් අයකිරීම යි.

මෙහිදී චීනයේ අපනයන සඳහා 34% ක බද්දකුත් යුරෝපයේ අපනයන සඳහා 20% ක බද්දකුත් යනාදී වශයෙන් පනවා ඇති අතර ඉහළම බදු පනවන ලද රටවල් අතර ශ්‍රී ලංකාව ද ඉදිරියෙන්ම සිටී.

මෙම බදු පැනවීම සම්බන්ධයෙන් දැනට නිකුත් කර ඇති ලැයිස්තුව පහතින් දැක්වෙන අතර වැඩි විස්තර ඉදිරියේදී බලාපොරොත්තු වන්න ….



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here