BREAKING ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩාව මෙහෙයවීම බිමල්ගේ සහ මාධවගේ කණ්ඩායමට

0
4

නිශ්මං රණසිංහ ,මාර්තු 12, කොළඹ LNW:

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ නිලවරණයේ ජයග්‍රහණය ලබා ගන්නට බිමල් විජයසිංහ සභාපති අපේක්ෂකත්වය දරපු සහ මාධව සෙනරත් බණ්ඩාර ලේකම් අපේක්ෂකත්වය දරපු කණ්ඩායමට හැකි වී තිබෙනවා.මේ වන විට සමස්ත නිල ඡන්ද ප්‍රතිපලය නිකුත් වී නැති අතර ඉදිරියේදී සියල්ල පත් වූ නිලධාරීන් සහ ලැබූ ඡන්ද ලෙස ප්‍රකාශයට පත් කරන්නට බලාපොරොත්තු වෙනවා.
බිමල් ඉදිරියේ පරාජයට පත් වූයේ ජාත්‍යන්තර ජයග්‍රහණ ලැබූ මලල ක්‍රීඩකයෙකු,එවැනි ජයග්‍රහන සඳහා ක්‍රීඩකයන් පුහුණු කර වූ සහ මලල ක්‍රීඩා සංගමයේ හිටපු සභාපතිවරයෙකු වූ සුනිල් ගුණවර්ධනයි.මාධව පරාජයට පත් කළේ වෛද්‍ය ධම්මික සේනානායකයි.ඔහුත් මලල ක්‍රීඩා අතුරු කමිටු ආදියට එක් වී මලල ක්‍රීඩා පරිපාලනයට සම්බන්ධ වී සිටි අයෙකු වෙනවා.

මලල ක්‍රීඩා නිලවරණයේ දී මෙවර ප්‍රධාන වශයෙන් අවධානයට ලක් වුණේ ප්‍රායෝගිකව ක්‍රීඩාවේ කිරත අයෙකුගේ නායකත්වයෙන් යුත් මලල ක්‍රීඩා පරිපාලනයක් ද යන්න සහ දීර්ඝ කාලයක් තිස්සේ මලල ක්‍රීඩා පරිපාලනයේ අවිධිමත් භාවය නිසා විඳන්නට වූ මලල ක්‍රීඩාවට සිඳු වූ හානිකර තත්ත්වයන් සළකා පරිපාලනමය වශයෙන් දැනුම ඇති පරිපාලනයක් පත් කර ගන්නවාද යන්නයි.එහිදී ඡන්ද බලය හිමි දිස්ත්‍රික් සංගම් සහ ක්‍රීඩා සමාජ බහුතරයක් මේ මොහොතේ ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩාව පරිපාලනයට පරිපාලන පළපුරුද්දක් ඇති කණ්ඩායමක් අවශ්‍යය බව නිගමනය කරමින් බිමල් විජයසිංහගේ කණ්ඩායමට ජයග්‍රහණය ලබා දෙන්නට තීරණය කළ බවක් පෙනෙනවා.

එසේම පසුගිය කාලයේම කොළඹ කේන්ද්‍රීය චරිත විශාල පිරිසකට මලල ක්‍රීඩාවේ පරිපාලන වගකීම පැවරී තිබුණා.එහෙත් බිමල්ගේ සහ මාධවගේ කණ්ඩායම මෙම නිලවරණයේදී මෙම කොළඹ කේන්ද්‍රීය පරිපාලන පදනම වෙනස් කිරීමේ අරමුණ ඇතිව තනතුරු සඳහා පිරිස නම් කිරීමේදී කොළඹින් පිටත අයට වැඩි අවස්ථාවක් ලබා දී තිබුණා.ඉතා විධිමත් පරිපාලන ව්‍යහුයක් සහිතව නිවැරදිව ජාත්‍යන්තර තරග අවස්ථා ලැබෙන සේ පරිපාලනය සකස් කිරීම ඉදිරියේදී බිමල් සහ මාධව පාර්ශවය විසින් දැරිය යුතු වෙනවා.එසේම ඉදිරියේදී දිනූ පැරදූ සියල්ලගේ සහයෙන් සහ දක්ෂතාවයෙන් ජාතික මලල ක්‍රීඩාවේ ප්‍රගමනය සඳහා සහය ලබා ගන්නා බවට සභාපති ධූරයට පත් බිමල් ජයසිංහ නිලවරණයට පෙර දී පැවසූ කතාවේ සත්‍ය අසත්‍යතාවයද ඉදිරියේදි දැක ගන්නට ලැබෙනු ඇත.

The post BREAKING ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩාව මෙහෙයවීම බිමල්ගේ සහ මාධවගේ කණ්ඩායමට appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here