BOI හිටපු අධ්‍යක්ෂ ජනරාල්ට එරෙහිව අල්ලස් කොමිසමෙන් අධිචෝදනා…

0
2


දූෂණය නැමැති වරද සිදු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ජයන්ත එදිරිසිංහට එරෙහිව අල්ලස් කොමිසම විසින් අද (23) කොළඹ මහාධිකරණ හමුවේ අධි චෝදනා ගොනු කර තිබේ.
සිය තනතුර නිති විරෝධී ලෙස යොදා ගනිමින් හම්බන්තොට කන්සිලිව් – 2014 ව්‍යාපෘතියේ කළමනාකරැ ලෙස කටයුතු කළ සිෆිට් ඉන්ටර්ගේටිව් නමැති ආයතනය වැට් බදු සදහා ලියාපදිංචි වී නොතිබියදිත් වැට් බදු ලෙස රුපියල් විසි එක් ලක්ෂ අනු එක් දහසක් (රු. 2,190,000) මුදලක් එම සමාගමට ගෙවිමට ආයෝජන මණ්ඩලයේ විධායක අධ්‍යක්ෂට බලපෑම් කර ඇත. ඒ තුළින් අල්ලස් පනතේ 70 වගන්තිය යටතේ දූෂණය නැමැති වරද සිදු කර ඇතැයි අල්ලස් කොමිසම චෝදනා කරයි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here