කොළඹ ඩී.එස්. සේනානායක මහා විද්‍යාලය සහ කොළඹ මහානාම මහා විද්‍යාලය අතර වාර්ෂිකව පැවැත්වෙන ‘රන් මහා ක්‍රිකට් සටන’ මෙවර මැයි මස 09, 10, 11 යන දිනවලදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී මෙවර තරගය පැවැත්වෙන්නේ 19 වැනි වතාවටය. මෙවර තරගයේ විශේෂත්වයක් වන්නේ ප්‍රථම වතාවට දින 3ක් පුරා තරගය පැවැත්වීමයි. මින් පෙර වසරවල තරගය පැවැත්වුණේ දින දෙකක කාලයක් පුරා පමණි. මෙම ප්‍රධාන තරගයෙන් පසුව ‘රන් මහා සටනේ’ එක්දින සීමිත ඕවර තරගය මැයි 18 දා එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදීම පැවැත්වෙනු ඇත. Sri Lanka Latest News
කොළඹ මහානාම විද්‍යාලයේ විදුහල්පති ප්‍රභාත් ලියනගේ මහතා සහ කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයේ විදුහල්පති සම්පත් වේරගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා මාධ්‍ය හමුවක් පවත්වමින් ‘රන් මහා සටනේ’ තොරතුරු මාධ්‍යයට හෙළිකරන ලදී. මෙවර ඩී.එස්. සේනානායක විද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය මලිත පෙරේරා විසින් දරන අතර, මහානාම විද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය අනුක විජේවර්ධන විසින් දරනු ඇත. 2007 වසරේදී මුලින්ම ‘රන් මහා සටන’ ආරම්භ කරන ලදී.



ප්‍රියන්ත හෙට්ටිගේ
Saru FM Media