ASUS AI තාක්ෂණයේ ලැප්ටොප් 3ක් එළිදක්වයි! Sri Lanka Latest News

0
14


තායිවානය පදනම් කරගත් ලොව ප්‍රකට සුවිසල් තාක්ෂණික සමාගමක් වන ASUS, AI බලයෙන් ක්‍රියාත්මක ලැප්ටොප් පරිගණක 3ක් මෙරට පාරිභෝගිකයන් වෙත හඳුන්වා දෙමින් සිය නව්‍යකරණ විශිෂ්ටත්වය තවදුරටත් ඉදිරියට ගෙන යෑමට පසුගියදා සමත් විය. ASUS, එසේ හඳුන්වා දෙනු ලැබුවේ Vivobook 14 Flip, ZenBook Duo සහ ZenBook 14 යන ලැප්ටොප් ත්‍රිත්වයයි.Sri Lanka Latest News

2025 වසරේ එම සමාගම විසින් හඳුන්වා දෙනු ලැබූ පළමු නිෂ්පාදන පෙළ වන මෙහි විශේෂත්වය වන්නේ අන් කවරදාකටත් වඩා AI තාක්ෂණය භාවිත කිරීමේ හැකියාවයි. නවතම Intel® Core™ Ultra Series ප්‍රොසෙසරවලින් බලගැන්වෙන මෙම ලැප්ටොප් 4747 TOPS (Teraflops of Operation Per Second) සහිත NPU (Neural processing unit) විශේෂාංගයන්ගෙන් සමන්විත වේ. වෘත්තිකයන්, සිසුන්, නිර්මාණකරුවන් හා විවිධ සේවා සපයන්නන් වෙනුවෙන් හඳුන්වා දෙනු ලැබූ මෙම නිෂ්පාදන ත්‍රිත්වය ශ්‍රී ලංකාව පුරා විහිදුණු විශේෂ ASUS වෙළෙඳසල්වලින් සහ තෝරාගත් අලෙවිසල්වලින් දැන් මිලදීගත හැකිය.

සෙ.මී, 1.1ක් තරම් ඝනකමින් යුත් Vivobook 14 Flip හි බර කිලෝග්‍රෑම් 1.2කි. නවතම Intel® Core™ Ultra 7 (Series 2) දක්වා ඉහළ නැංවිය හැකි ප්‍රොසෙසරයකින් මෙන්ම 47 TOPS NPU එකකින් සමන්විත එය AI තාක්ෂණය භාවිත කිරීමේ සුවිශේෂ හැකියාවකින් යුක්තය.

ප්‍රියන්ත හෙට්ටිගේ



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here