ASP ඕලුගල ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයට

0
2

සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතා මේ වන විට  කොළඹ  ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බවට තොරතුරු වාර්තා වේ.

පසුගිය 30 වැනිදා රාත්‍රියේ ඇතිවූ හදිසි අසනීප තත්වයක් හේතුවෙන් පළමුව කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලීය රෝහල වෙත ඇතුළත් කර තිබුණි.

එහිදි එම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහුව  පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය මහතාගේ උපදෙස් මත විශේෂ වෛද්‍යවරුන් කණ්ඩායමකගේ පරික්ෂාවෙන් පසුව එම වෛද්‍ය නිර්දේශ මත වැඩිදුර ප්‍රතිකාර සදහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය පවසා ඇත්තේ මේ වන විට රොහාන් ඕලුගල සුවවෙමින් ප්‍රතිකාර ලබමින් සිටින බවය.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here