Artemis II අභ්‍යවකාශ මෙහෙයුම සමීපව සිට නරඹන්න අවස්ථාවක්

0
10

Artemis II අභ්‍යවකාශ මෙහෙයුම සමීපව සිට නැරඹීම සඳහා අමෙරිකා එක්සත් ජනපදයේ කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානය මගින්, මහජනතාවට විශේෂ පැකේජයන් කිහිපයක් හඳුන්වා දී ඇත.

එහිදී විශේෂයෙන්ම “Feel the Heat” සහ “Main Visitor Complex” ලෙස පැකේජයන් ද්විත්වයන් හඳුන්වා දී ඇති අතර  “Feel the Heat” නැමති විශේෂ ප්‍රවේශ පත්‍ර පැකේජය මේ වන විටත් සම්පූර්ණයෙන් අලෙවි වී අවසන් බව එම මධ්‍යස්ථානය සඳහන් කර සිටී.

එම පැකේජය හරහා මෙම අභ්‍යවකාශ මෙහෙයුම දියත් කරන ආකාරය ඉතා සමීපව සිට නැරඹිය හැකි බවද සඳහන් වේ.

ඇපලෝ/සැටර්න් V (Apollo/Saturn V) මධ්‍යස්ථානයේ සිට Artemis II අභ්‍යවකාශ මෙහෙයුම නැරඹිය හැකි මෙම පැකේජය යටතේ රොකට් දියත් කිරීමේ වේදිකාවට සැතපුම් 3.5ක් තරම් සමීප දුරක සිට අදාළ දර්ශන නැරඹීමට අවස්ථාව හිමිව තිබුණි. 

ඩොලර් 250ක් වැනි ඉහළ මිලකට අලෙවි වූ මෙම ප්‍රවේශ පත්‍ර සඳහා විශාල ඉල්ලුමක් පවතින බවද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

මේ අතර, ඩොලර් 99ක මිලකට අලෙවි වන “Main Visitor Complex” නැමති පැකේජය තවදුරටත් මහජනතාවට විවෘතව පවතින බව වාර්තා වේ.

එම ප්‍රවේශ පත්‍රය ලබාගන්නා පුද්ගලයින්ට ප්‍රධාන සංකීර්ණයේ සිට සැතපුම් 8ක් පමණ දුරින් සිට රොකට්ටුව අභ්‍යවකාශයට යන අයුරු දැකගත හැකිය. 

https://www.kennedyspacecenter.com/event/nasa-space-launch-system-sls-artemis-ii/ යන වෙබ් අඩවියට පිවිසීමෙන් අදාළ ටිකට්පත වෙන් කරවා ගත හැකිය.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here