AIA ශ්‍රී ලංකා සහ MDRT පදනම වෙතින් විශේෂ අවශ්‍යතා ඇති ප්‍රජාවට සහයෝගය

0
4

AIA ඉන්ෂුවරන්ස්, සිය ආයතනික සමාජ වගකීම් මෙහෙවරයන් මගින් සමාජයට ලබා දෙන්නා වූ ශක්තිමත් දායකත්වය විදහා පාමින්, MDRT හි (Million Dollar Round Table) සහයෝගීතාවය ද ඇතුව ශ්‍රී ලංකාවේ විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයින්හට අවස්ථා උදාකර දීම වෙනුවෙන් කැපව කටයුතු කරන ආයතනයක් වන ශිරානි ජෝසෆ් ද සේරම් පදනම වෙත මුදල්මය පරිත්‍යාගයක් ලබාදී ඇත.

මෙම මුදල, ජාත්‍යන්තර AIA සමූහය (AIA GROUP) වෙත, එහි ප්‍රමුඛ අනුග්‍රාහකයා ලෙස ක්‍රියා කිරීම වෙනුවෙන් MDRT වෙතින් ලබා දෙන ලද පරිත්‍යාගයක් වන අතර, එම මුදල, 2024 වසර තුලදී වඩාත් ඉහල වර්ධනයක් සහිත MDRT සාමාජික සංඛ්‍යාවක් බිහිකළ වෙළෙඳපොල ලෙස ශ්‍රී ලංකාව තේරී පත්වීම වෙනුවෙන් AIA සමූහය විසින් AIA ශ්‍රී ලංකා වෙත පරිත්‍යාග කරන ලදී.

මෙම පරිත්‍යාගය නිල වශයෙන් ලබාදීම නොබෝදා AIA ශ්‍රී ලංකා ප්‍රධාන කාර්යාලයේ දී සිදු වූ අතර ඒ සඳහා, AIA ශ්‍රී ලංකා හි, අධ්‍යක්ෂිකා/ප්‍රධාන විධායක නිලධාරිනී, චතුරි මුනවීර මහත්මිය සහ ප්‍රධාන ඒජන්සි නිලධාරී චානක ලියනගේ, ශිරානි ජෝසෆ් ද සේරම් පදනමේ සභාපතිනිය/කළමනාකරණ අධ්‍යක්ෂිකා ප්‍රවීණා ජෝසෆ් ද සේරම් මහත්මිය සහ එහි සාමාන්‍යාධිකාරිනී රන්ජුලා සේනාරත්න පෙරේරා මහත්මිය ඇතුළු ශිරානි ජෝසෆ් ද සේරම් පදනම නියෝජනය කරමින් අනෙකුත් සාමාජිකයින් මෙන්ම AIA ශ්‍රී ලංකා හි MDRT සාමාජිකයින් තිදෙනෙක් ද සහභාගී වී සිටියහ.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here