AI Impact Summit උළෙලට සහභාගී වීම සඳහා ජනපති හෙට ඉන්දියාවට!

0
2

රෂිකා හෙන්නායක පෙබරවාරි 16, කොළඹ LNW :

ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ විශේෂ ආරාධනයකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා 2026 වසරේ පැවැත්වෙන AI Impact Summit උළෙලට සහභාගී වීම සඳහා (17) ඉන්දියාව බලා පිටත්ව යෑමට නියමිතය.

මෙම ගෝලීය සමුළුවේ මූලික අරමුණ වන්නේ කෘත්‍රිම බුද්ධිය මානව සංහතියේ යහපත උදෙසා වගකීම් සහගත ලෙස භාවිතා කිරීම පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා කිරීමයි.

රටවල් රැසක රාජ්‍ය නායකයන් සහ නියෝජිතයන් සහභාගී වන මෙම පස් දින වැඩසටහනේදී, ශ්‍රී ලංකා ජනාධිපතිවරයා විශේෂ දේශනයක් පැවැත්වීමට ද සූදානමින් සිටී.

මෙම සංචාරය අතරතුර ඔහු ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඇතුළු ප්‍රමුඛ පෙළේ නායකයන් සමඟ වැදගත් ද්විපාර්ශ්වික සාකච්ඡා රැසක නිරත වනු ඇත.

තාක්ෂණික දියුණුව හමුවේ පවතින අභියෝග ජය ගැනීමට මෙම ජාත්‍යන්තර හමුව මගින් ශක්තිමත් පදනමක් සැපයීමට බලාපොරොත්තු වේ.

The post AI Impact Summit උළෙලට සහභාගී වීම සඳහා ජනපති හෙට ඉන්දියාවට! appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here