ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) සභාපති මසාටෝ කන්ඩා නිල සංචාරයක් සඳහා අද(23) අළුයම දිවයිනට පැමිණියේය.
ආර්ථික සහයෝගීතාව ශක්තිමත් කිරීම, ප්‍රධාන පාර්ශවකරුවන් සමඟ සාකච්ඡා පැවැත්වීම සහ දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ප්‍රදේශවල හානිය නිරීක්ෂණය කිරීම ඔහුගේ මෙරට නිල සංචාරයේ අර මිණ වී තිබේ.
කම්කරු ඇමති සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය ඇමති අනිල් ජයන්ත ප්‍රනාන්දු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී ඔහුව පිළිගන්නා ලදී.
මේ අතර ආසියානු සංවර්ධන බැංකු සභාපතිවරයා අද (23) පෙරවරුවේ කොළඹ වරාය පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වීමට නියමිත අතර, කොළඹදී පෞද්ගලික අංශයේ නියෝජිතයන් සමඟ සාකච්ඡාවකට සහභාගී වීමටද නියමිතය. එමෙන්ම ADB සභාපති Masato Kanda ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකා නේවාසික මෙහෙයුම් කාර්යාලය (SLRM) වෙත යාමටද නියමිතය.
හෙට (24) ADB සභාපති ඇතුළු දූත පිරිස “දිට්වා” සුළි කුණාටුවෙන් පීඩාවට පත් ප්‍රදේශවල නිරීක්ෂණ චාරිකාවක නිරත වීමට නියමිතය. මීට අමතරව, සුළි කුණාටුවෙන් පීඩාවට පත් අම්බලන්කන්ද ප්‍රදේශයේද නිරීක්ෂණ චාරිකාවකට එක්වීමට නියමිත අතර එහිදී ජනතාව සමඟ අදහස් හුවමාරු කර ගැනීමටත්, සිදුව ඇති හානිය සෘජුවම දැක බලා ගැනීමටත් සැලසුම් කර ඇත.
අනතුරුව ආසියානු සංවර්ධන බැංකු සභාපති ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති අනුර දිසානායක හමු වීමට නියමිතය. මෙම හමුවේදී ආර්ථික පුනර්ජීවනය, සංවර්ධන මූල්‍යකරණය සහ ශ්‍රී ලංකාව හා ආසියානු සංවර්ධන බැංකුව අතර ද්විපාර්ශ්වික සහයෝගීතාවය ශක්තිමත් කිරීම පිළිබඳව අවධානය යොමු කෙරෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ආසියානු සංවර්ධන බැංකු සභාපති සමඟ එහි දකුණු ආසියානු කලාපීය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් Sona Shrestha, සභාපති කාර්යාලයේ ප්‍රධාන උපදේශක Keiichiro Inui, සභාපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ උපදේශක Manisha Pradhananga ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීහූ පිරිසක් මෙම සංචාරයට එක්ව සිටී.




0
Saru News
















