A/L පාස්ද? අත්පොත අද නිකුත් කරයි…

0
5


මීට දින කිහිපයකට පෙර නිකුත් කළ අධ්‍යාපන පොදු සහතිකපත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත විශ්වවිද්‍යාලට බඳවා ගැනීම සඳහා වන ප්‍රවේශ අත්පොත අද (02) නිකුත් කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම පවසයි.
ඒ අනුව විශ්වවිද්‍යාල සඳහා ඔන්ලයින් ලියාපදිංචිය ලබන සතියේ ආරම්භ කිරීමට නියමිතය.
මෙවර විශ්වවිද්‍යාල උපාධි පාඨමාලා සඳහා සිසුන් 43,300ක් ඇතුළත් කර ගැනීමට සැලසුම් කර තිබේ.
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම පැවසුවේ වික්‍රාමාරච්චි අයුර්වේද විශ්වවිද්‍යාලයේ නව උපාධි පාඨමාලාවක්ද හඳුන්වා දී ඇති බවයි.
සේවා කළමනාකරණය පිළිබඳව එම උපාධි පාඨාමාලව මගින් අධ්‍යයනයට සිසුන්ට පහසුකම් සලසා ඇති බවද එම කොමිසම ප්‍රකාශ කරයි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here