මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ චෝදනා යටතේ හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු පවුලේ සාමාජිකයන්ට එරෙහිව අල්ලස් කොමිසම කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා ඇති බැවින් ඊට අදාළව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැත්වෙන නඩු කටයුතු අවසන් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස්. බෝදරගම විසින් නියෝග කර ඇත.
අදාළ නඩුව අද (09දා) කැඳවූ අවස්ථාවේදී විත්තිකරුවන්ට නිසි දිනවල මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් දැනුම් දී තිබේ.
මෙම විමර්ශනයට අදාළව කොළඹ මහාධිකරණය හමුවේ විත්තිකරුවන්ට එරෙහිව අධිචෝදනා ගොනු කර ඇති බව අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයට දැනුම් දී ඇති අතර. එහිදී මහේස්ත්‍රාත්වරයා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දුන් අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් මෙම නඩු කටයුත්ත අවසන් කළ හැකි බව සඳහන් කර ඇත.
අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ අවධියේ අයථා ලෙස රුපියල් මිලියන 97කට අධික වටිනාකමකින් යුත් බැංකු ගිණුම්ල ජීවිත රක්ෂණ ඔප්පු සහ වාහන අත්පත් කර ගැනීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළේ යැයි සැකපිට අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලල ඔහුගේ බිරිඳල දියණියන් තිදෙනා සහ බෑනා යන අය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප මත මුදා හැර තිබුණි.
Saru FM Media