රසවත් අඹ ජෑම් එකක් ගෙදරදීම හදමු

0
12


සෞඛ්‍යාරක්ෂිතව රසවත් අඹ ජෑම් එක ගෙදරදීම හදලා බලමුද..

අවශ්‍ය ද්‍රව්‍ය:

  • හොඳින් ඉදුනු අඹ කෝප්ප 2ක්
  • සීනි 50g
  • දෙහි යුෂ මේස හැඳි 1ක්

සාදන ආකාරය:

  1. අඹ හොඳින් සුද්දකර ලෙලි හා ඇට ඉවත් කරන්න.
  2. අඹ කැබලි වන සේ කපා බ්ලෙන්ඩරයක් ආධාරයෙන් හොඳින් අඹරා ගන්න.
  3. දැන් පිරිසිඳු බඳුනකට අඹ, සීනි සහ දෙහි යුෂ එක් කර අඩු ගින්දරේ හැඳි ගාමින් විනාඩි 20 – 25ක් පමණ පිස ගන්න.
  4. මිශ්‍රණය දිලිසෙන සුළු පැහැයට පැමිණි පසු ලිපෙන් බාගෙන නිවෙන තුරු හැඳි ගාන්න.
  5. හොඳින් ජීවානුහරණය කල බෝතල් වල අසුරා පාවිච්චියට ගන්න.

ජෑම් එක තුල අඹ කැබලි ලෙස සිටනසේ සකසා ගැනීමට ඔබට අවශ්‍ය නම් කුඩාවට චොප් කරගත් අඹ කැබලි ද එක්කර පිස ගන්න.

ඔබ තෝරාගන්නා අඹ ඉතා හොඳින් ඉදුනු අඹ විය යුතුයි. අඹ වල ඇඹුල් ගතිය වැඩි නම් එක්කරන දෙහි යුෂ ප්‍රමාණය අඩු කර සීනි ප්‍රමාණය කෝප්පයකින් පමණ වැඩි කිරීමට මතක තබා ගන්න.

Chef



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here