දිව රස කරන දිවුල් වලින් කෑම රැසක්

0
16


 දිවුල් කියන්නේ ලංකාවේ සුලබ පළතුරක්.දිවුල් ඉතා ගුණදායක හින්දා කුඩා දරුවන්ට වුණත් දිවුල් දෙන්න අම්මලා පැකිලෙන්නේ නෑ.දිවුල් වලින් ලේසියෙන්ම හදා ගන්න පුළුවන් ආහාර වර්ග කීපයක් අද අපි ඔබට කියන්නේ

දිවුල් මිල්ක් ෂේක්

අවශ්‍ය ද්‍රව්‍ය: 

  • දිවුල් ගෙඩි 2
  • අයිස් ක්‍රීම් මේස හැඳි 4
  • අයිස් කැට 4, 5
  • සීනි මේස හැඳි 2

සාදන ක්‍රමය: 

දිවුල් ගෙඩිය පලා මදය ගෙන වතුර දමා මිරිකා ,ඇට ඉවත් කර පල්පය ගන්න. බ්ලෙන්ඩරයට පල්පය, අයිස් ක්‍රීම්, අයිස් කැට, එළකිරි, සීනි දමා හොඳින් බ්ලෙන්ඩ් කරන්න.

දිවුල් ජෙලි

අවශ්‍ය ද්‍රව්‍ය:

  • දිවුල් ගෙඩි 3
  • ජෙලටින් මේස හැඳි 1
  • වතුර මේස හැඳි 2
  • උණු වතුර මිලි ලීටර් 400
  • සීනි මේස හැඳි 4

සාදන ක්‍රමය:

ඇට ඉවත් කර පල්පය ගන්න. ජෙලටින් උණු වතුර දමා පොඟවා දිය කරගන්න. උණු වතුරට සීනි දිවුල් පල්පය සහ සීනි දමා හොඳින් දිය කරගන්න. දිය කරගත් ජෙලටින් එකතු කරන්න. ශිතකරණයේ තබා මුදවා ගන්න.

ඉතින් විවේකි සති අන්තයකට පොඩිත්තන්ව  වටකරගෙන  මේ රසවත් වට්ටෝරුව අත්හදා බලන්න ඔබට  කාල  වේලාවක් සොයා ගැනීම අසීරු වන එකක් නැහැ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here