වැස්ස සමඟ එන අතුරු අන්තරා

0
4

පෑවිල්ල නිමා කරමින් අහස හඬන්නට පටන් ගෙන.දිය බිඳක් නැතිව පිඩාවට පත් වූවන් නැවත මේ අධික ජල ප්‍රවාහය දරා ගත නොහැකිවූ පරිසරය විසින් නැවතත් පිඩාවට පත් කරමින් සිටිනවා.නමුත් අප මේ කතා කරන්නට යන්නේ ඒ පිළිබඳව නෙවෙයි.මේ වැස්ස නිසා හට  ගන්නා විවිධ රෝගාබාධයන්ගෙන් ඔබ සේම ඔබගේ පවුලේ සාමාජිකයන් ආරක්ෂා කරගන්නේ කෙසේද යන්න පිළිබඳවයි …

සෙම්ප්‍රතිශ්‍යාව සහ උණ

වැස්ස සමඟ ක්ෂණිකව හිස ඔසවන මේ රෝගයෙන් ආරාක්ෂා වීමට පහසු නැහැ. එහෙත් නිරන්තරයෙන්ම ප්‍රතිශක්තිය වැඩි ආහාර පාන වැඩිපුර භාවිතා කිරීම, නිවා ගත් උණු වතුර පානය කිරීම, රෝග තත්වය ඇති අය  ඉදිරියේ නාස් මුඛ වැස්මක් භාවිතා කිරීම, තේ ලෙස කොත්තමල්ලි පත්පාඩගම් උණු කර පානය කිරීමට දීම. ආදී සියලුම ආරක්ෂක විධි විධාන භාවිතා කළ යුතු වනවා.
  • දරුවන් වැඩිහිටියන් මදුරු ප්‍රතිරෝධක ආලේපනයන් එළිමහන් ස්ථාන වලදී ගල්වා ගැනීම.
  • මදුරුවන් බෝනොවන ලෙස පරිසරය සකසා ගැනීම.
  • පිටතින් ලබා ගන්නා ආහාර පාන ආහාරයට නොගැනීම  මඟින් පාචනය අතීසාරය වැනි
    රෝගාබාධ වලක්වා ගැනීම.
  • එළවලු පළා ලුණු වතුරේ පොඟවා හොඳින් සෝදා ගැනීම.
  • වැස්ස නොමැතිව හිරු එළිය පතිත වන සෑම අවස්ථාවකදිම නිවසේ දොර ජනෙල් විවර
    කර හිරු එළියට නිවසට ඇතුල් වීමට ඉඩකඩ ලබා දීම.
  • විස බිජ නාශකයක නිවසේ  ඉසීම.මෙය ස්වාභාවික විෂ බීජ නාශකයක් නම් වඩාත් සුදුසුයි.
    උදා -කොහොඹ තෙල්.
  • පුද්ගලික පවිත්‍රතාව පිලිබඳ වෙනදාට වඩා සැළකිලිමත් වීම.
  • සුළු හෝ රෝගී තත්වයක් පවුලේ සාමාජිකයකු පෙන්වයි නම් ඉක්මන් වැළක්වීමේ
    ප්‍රතිකාර ලබා දීම.

ඉතින් මෙන්න මේ ආරක්‍ෂිත උපක්‍රම භාවිතා කලොත් නිවැරදිව ඔබට කිසිම දෙයකට බය විය යුතු නැහැ. ලොකු දෙයක් නෙවේ. එදිනෙදා අප දන්නා දේවල්ම තමා. ක්‍රියාත්මක වීම තමා කළ යුතු. එපමණයි.

– ඉරේෂා –

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here