කකුල් වල මහත වැඩි නම් ව්‍යායාමයක්..

0
8

කලවා පෙදෙසේ තියන මේදය නිසා සෑහෙන ලොකු අර්බුදයකට කාන්තාවන් මුහුණ දෙනවා. තමන්ට හරියන ඩෙනිමක් නැත්තම් සායක් ගන්න ගියොත් අපහසුතාවට පත් වෙනවා. ඉන හරි ගානට තිබුණත් පහළට යන්න ශරීර ප්‍රමාණය වැඩි නිසා කිටි කිටියේ ඇඳුම් ඇඳන් ඉන්න වෙනවා. මේ ව්‍යායාමය කරන්න පුරුදු වීමෙන් කකුල්වලට හොඳ ව්‍යායාමයක් ලැබෙනවා.

  • අත් දෙක සවි ශක්තියට ඉන දෙපැත්තේ ඉස්සෙල්ලා ම තියාගන්න.
  • දකුණු කකුල පෙරට ගෙනත් අංශක 90කට එය නවාගන්න.
  • පිටුපසින් තියන කකුල දණහිස ගෑවී නොගෑවී තියෙන්න නවා ගන්න.
  • එතැනදීත් අංශක 90 පවත්වාගත යුතුයි.
  • එක කකුලකට පහළොස් වතාවක් වශයෙන් අවස්ථා තුනක් ඒ කියන්නේ හතළිස් පස් වතාවක් කකුල් ඒ ඉරියව්වෙන් ඉදිරිපසට නවලා ආපහු මුල් ඉරියව්වට එන්න.
  • අනෙක් කකුලටත් ඒ විදියට ම ව්‍යායාමය දෙන්න

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here