ප්‍රධාන ආහාර වේලකට කලින් පිළිගන්වන ස්ටාටර් රෙසිපි 7ක්

0
15


ඇපටයිසර් එකක්, එහෙමත් නැත්තම් ස්ටාටර් එකක් කියන්නෙ සාමාන්‍යයෙන් ප්‍රධාන කෑම වේලට කලින් ගන්න දේවල්. මේක බොහෝවිට බඩගිනි ඇතිකරවන සුළු කෑමක්, සුප් එකක්, ස්නැක් එකක් වෙන්න පුළුවන්. ඔන්න අද අපි ගෙනාවේ ඒ වගේ මේන් කෝස් එකකට කලින් දෙන්න පුළුවන් ස්ටාටර් / ඇපටයිසර් රෙසිපි සෙට් එකක්. 

 

1. වෙජිටේරියන් ස්ටාටර් – ටෝෆු

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. ටෝෆු ග්‍රෑම් 200
  2. ලුණු හා ගම්මිරිස්කුඩු 
  3. මිරිස්කුඩු තේ හැඳි 1/2
  4. ගාලික් පව්ඩර් තේ හැඳි 1/2
  5. චොප්කරගත් සුදුළූණු තේ හැඳි 1/2
  6. කහකුඩු තේ හැඳි 1/4
  7. ලොකුවට කපාගත් ළූණු ගෙඩි 1
  8. කපාගත් බෙල්පෙපර් ගෙඩි 1
  9. ඔරිගානො ටිකක්
  10. ඔලිව්තෙල් තේ හැඳි 1

 

  • ටෝෆු කෑල්ල හොඳට සෝදලා තරමක කෑලි කපාගන්න. මේකට ඉහත සියල්ලම දාලා කලවම් කරලා විනාඩි 15ක් මැරිනේට් කරගන්න. 
  • මේක සෙල්සියස් 180ට ප්‍රීහීට් කරපු අවන් එකකට දාලා විනාඩි 15ක් බේක් කරගන්න. 

 

 

2. පීසා බොම්බ්ස්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. පීසා ඩෝ ග්‍රෑම් 200
  2. පීසා සෝස් ටිකක්
  3. මෙල්ට් කරගත් බටර් මේස හැඳි 3
  4. ගාලික් පව්ඩර් තේ හැඳි 1/2
  5. චොප්කරගත් පාස්ලි මේස හැඳි 2
  6. ග්‍රේට්කරගත් මොසරැල්ලා චීස් කෝප්ප 1

 

  • පීසා ඩෝ එක කෑලි කපාගෙන පොඩි රවුම් රොටි හදාගන්න. ඒ රොටි මැදට පීසා සෝස් ගාගෙන ඊට උඩින් ගාලික් පව්ඩර්, පාස්ලි, මොසරැල්ලා චීස් හා ගම්මිරිස්කුඩු දාගන්න. 
  • රොටිය වටෙන් ඔතලා බෝලයක් වගේ හදාගෙන බටර් ගාගත් ට්‍රේ එකක තියලා උඩින් මෙල්ට් කරගත්ත බටර් ගාගන්න. 
  • සෙල්සියස් 180ට ප්‍රීහීට් කරපු අවන් එකක විනාඩි 15ක් වගේ බේක් කරගන්න. 

 

 

3. ඩෙවිල්ඩ් එග්ස්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. තම්බාගත් බිත්තර 10
  2. පාන්පිටි කෝප්ප 1
  3. බිත්තර සාරු ටිකක් 
  4. බිස්කට් කුඩු කෝප්ප 1
  5. මයෝනේස් මේස හැඳි 4
  6. මස්ටඩ් පේස්ට් මේස හැඳි 2
  7. හොට් සෝස් මේස හැඳි 1
  8. ලුණු හා ගම්මිරිස්කුඩු 

 

  • බිත්තර දෙකට පලලා කහමද ටික වෙන් කරගන්න. සුදුමද පලු පාන්පිටි වල තවරලා බිස්කට් කුඩු ගාගන්න. දැන් මේ ටික ගැඹුරුතෙලේ බැදගන්න. 
  • බිත්තර කහමද ටික වෙනම බෝල් එකකට දාලා ඒකට මයෝනේස්, මස්ටඩ් පේස්ට් හා හොට් සෝස් දාලා රස අනුව ලුණු හා ගම්මිරිස්කුඩු ඉසගන්න. 
  • මේක හොඳට කලවම් කරලා පයිපින් බෑග් එකකට දාලා බැදගත් බිත්තර පළු වලට පයිප් කරගන්න. 

 

4. චිකන් මොසරැල්ලා ස්ටික්ස්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

ෆිලින් එකට

 

  1. ක්‍රීම්චීස් ග්‍රෑම් 200
  2. තම්බාගෙන ඉරාගත් චිකන් ග්‍රෑම් 200
  3. හොට් සෝස් කෝප්ප 1/4
  4. ග්‍රේට්කරගත් මොසරැල්ලා චීස් කෝප්ප 2
  5. ග්‍රේට්කරගත් චෙඩාර් චීස් කෝප්ප 1
  6. ලුණු හා ගම්මිරිස්කුඩු 

 

කෝට් කිරීමට

 

  1. පාන්පිටි කෝප්ප 1
  2. බිස්කට්කුඩු කෝප්ප 1
  3. බිත්තර 2

 

  • ෆිලින් එකට අදාළ සියල්ලම බෝල් එකකට දාලා කලවම් කරගන්න. දැන් මේක බේකින් ශීට් එකක් දාපු කොටු ට්‍රේ එකකට දාලා තරමක් ඝනකමට පැතලි කරගන්න. 
  • පැයක් වගේ ෆ්‍රීස් කරලා මේක තීරු කපාගන්න. දැන් මේ තීරු පාන්පිටි වල දවටලා, බිත්තර සාරු ගාලා බිස්කට් කුඩු තවරගන්න. ගැඹුරු තෙලේ බැදගන්න. 

 

5. චීසී චිකන් වොන්ටොන් රැප්ස්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. වොන්ටොන් රැප්ස් 10-15ක්
  2. අඹරාගත් චිකන් ග්‍රෑම් 200
  3. ග්‍රේට්කරගත් චෙඩාර් චීස් කෝප්ප 1/2
  4. ඔරිගානෝ ටිකක් 
  5. කපාගත් ඔලිව් ටිකක් 
  6. චොප්කරගත් බෙල්පෙපර් ගෙඩි 1/2
  7. ලුණු හා ගම්මිරිස්කුඩු 
  8. මයෝනේස් මේස හැඳි 2

 

  • මෆින් ට්‍රේ එකට ඔයිල් බ්‍රශ් කරලා වොන්ටොන් රැප්ස් දාගන්න. මේක විනාඩි 8ක් විතර සෙල්සියස් 160ට බේක් කරගන්න. 
  • චිකන් ටික පෑන් එකට දාලා ලුණු හා ගම්මිරිස්කුඩු දාලා ෆ්‍රයි කරගන්න. මේ ටික ලිපෙන් බාලා චීස්, ඔලිව්ස් හා අනික් සියල්ලම දාලා කලවම් කරගන්න. 
  • දැන් මේක වොන්ටොන් රැප්ස් වලට පුරවලා විනාඩි 10ක් බේක් කරගන්න.

 

 

6. ක්‍රිස්පි බබ්ල් පොටැටෝ චිප්ස්

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. තම්බාගත් අල ගෙඩි 3
  2. බටර් මේස හැඳි 2
  3. ලුණු
  4. චීස් ස්ප්‍රෙඩ් මේස හැඳි 1

 

  • අල ටික හොඳටම පොඩි කරගන්න. මේකට බටර්, චීස් හා ලුණු දාලා පොඩ්ඩක්වත් කැට නැතිවෙන්න පොඩි කරගන්න. 
  • පයිපින් බෑග් එකකට නොසල් එකක් දාලා පොඩි කරගත් අල ටික දාගන්න. 
  • බේකින් ශීට් එකක් දාපු ට්‍රේ එකකට මේකෙන් පයිප් කරලා සෙල්සියස් 180ට විනාඩි 30-40ක් බේක් කරගන්න. 

 

7. එග් 65

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. තම්බාගත් බිත්තර 5
  2. කෝන්ෆ්ලා මේස හැඳි 1
  3. කඩලපිටි මේස හැඳි 3
  4. පාන්පිටි මේස හැඳි 1
  5. මිරිස්කුඩු තේ හැඳි 1/2
  6. ගරම් මසාලා තේ හැඳි 1/4
  7. ලුණු හා ගම්මිරිස්කුඩු 
  8. තුනපහකුඩු තේ හැඳි 1/4
  9. කොත්තමල්ලි කුඩු තේ හැඳි 1/2
  10. කහකුඩු තේ හැඳි 1/4
  11. චොප්කරගත් ඉඟුරු හා සුදුළූණු තේ හැඳි 1
  12. මුදවපු කිරි මේස හැඳි 1
  13. බිත්තර 1

 

තෙම්පරාදුවට

 

  • තෙල් ටිකක් 
  • චොප්කරගත් සුදුළූණු බික් 2
  • චොප්කරගත් අමුමිරිස් කරල් 2
  • කරපිංචා කොළ කිහිපයක් 
  • ටොමාටෝ කෙචප් මේස හැඳි 2
  • රෙඩ් චීලී සෝස් මේස හැඳි 1

 

  • තම්බාගත් බිත්තර පොඩියට කපාගන්න. ග්‍රේට් කරගන්නත් පුළුවන්. මේකට අනික් සියල්ලම දාගන්න.
  • බිත්තරය විස්ක් කරලා මේකට එකතු කරන්න. දැන් මේකෙන් ටික ටික දාලා ගැඹුරු තෙලේ බැදගන්න. 
  • වෙනම පෑන් එකකට තෙල් ටිකක් දාලා චොප්කරගත් සුදුළූණු, කරපිංචා හා අමුමිරිස් දාලා තෙම්පරාදු කරගන්න. 
  • ටිකකින් සෝස් වර්ග සියල්ලම දාලා කලවම් කරගන්න. ඊටපස්සෙ බැදගත් බිත්තර කෑලි ටික දාලා කලවම් කරලා ලිපෙන් බාගන්න. 

 

The post ප්‍රධාන ආහාර වේලකට කලින් පිළිගන්වන ස්ටාටර් රෙසිපි 7ක් appeared first on Lifie.LK.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here