එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී අද ඇරඹීමට නියමිත තවත් විශිෂ්ට තරගාවලියක් වන ආසියානු කුසලානයට මෙවර ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන්නේ අවසන් වරට සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව විස්සයි විස්ස තරගාවලියේ ජයත් සමගයි.
මෙම තරගාවලිය විස්සයි විස්ස ආකෘතිය යටතේ පැවැත්වෙන අතර ආසියානු කුසලාන තරගාවලියේ ආරම්භය සනිටුහන් වන්නේ 1984 වසරේදීය. එදා මෙදාතුර ආසියානු කුසලානය ශ්‍රී ලංකාවට හය වරක් රැගෙන ඒමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සමත් වී තිබේ. අසල්වැසි ඉන්දියාවට 8 වරක් ආසියානු කුසලානය සතු කරගන්නට හැකි වී තිබේ.
තවද ඉන්දියාව සමග අර්බුදයක සිටින පාකිස්තානය අවස්ථා දෙකකදී කුසලානය සතු කරගෙන සිටියේය.
ශ්‍රී ලංකා කණ්ඩායමේ යම්කිසි අඩුපාඩු පැවතියත් මෙවර ආසියානු කුසලාන තරගාවලියේදී හොඳ තරගයක් ලබාදෙනු ඇතැයි ක්‍රීඩාලෝලී සැමගේ ප්‍රාර්ථනාව ය.
ඇමරිකානු ඩොලර් ලක්ෂ තුනක තෑගි මුදලකට හිමිකම් කියන ආසියානු කුසලානය ශ්‍රී ලංකා මුදලින් කෝටි 9කට අධික මුදලක් වේ.
අනුශූරතාවය සඳහා ඇමරිකානු ඩොලර් එක්ලක්ෂ පනස් දහසක් ද අවසන් තරගයේ වීරයාට ඇමරිකානු ඩොලර් පන්දහසක් ද හිමිවීමට නියමිතය.
ආසියානු කුසලාන තරගාවලිය අදින් ඇරඹී සැප්තැම්බර් 28 දක්වා පැවැත්වෙන අතර, කණ්ඩායම් 8ක් තරග වදිනු ඇත.
අවසන් වරට ආසියානු කුසලාන තරගාවලිය 2023 වසරේදී පැවැත්වූ අතර අවසන් මහ තරගයට සුදුසුකම් ලැබුවේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාවයි. එහිදී ශූරතාවය ඉන්දියාව සතු කරගත්තේය.
පාකිස්තානය
සල්මාන් අලි අගා (නායක), අබ්රාර් අහමඩ්, ෆහීම් අෂ්රෆ්, ෆකාර් සමාන්, හරිස් රවුෆ්, හසන් අලි, හසන් නවාස්, හුසේන් තලාත්, කුෂ්දිල් ෂා, මොහොමඩ් හැරිස්, මොහොමඩ් නවාස්, මොහොමඩ් වසීම් ජූනියර්, සාහිබ්සාදා ෆර්හාන්, සයිම් අයිර්හාන්, සාහිබ්සාදා ෆර්හාන් මුකීම්.
ඉන්දියාව
සූර්යකුමාර් යාදව් (නායක), ශුබ්මන් ගිල්, අභිෂේක් ෂර්මා, තිලක් වර්මා, හර්දික් පාණ්ඩ්‍යා, ශිවම් ඩුබේ, ජිතේෂ් ෂර්මා, අක්සාර් පටෙල්, ජස්ප්‍රිත් බුම්රා, වරුන් චක්‍රවර්ති, අර්ෂ්දීප් සිං, කුල්දීප් යාදව්, සංජු සැම්සන්, හර්ෂිත් රානා, රින්කු සිං.
ශ්‍රී ලංකාව
චරිත් අසලංක (නායක), පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, කුසල් පෙරේරා, නුවනිඳු ප්‍රනාන්දු, කමිඳු මෙන්ඩිස්, කමිල් මිෂාර, දසුන් ශානක, වනිඳු හසරංග, දුනිත් වෙල්ලාලගේ, චාමික කරුණාරත්න, මහීෂ් තීක්ෂණ, දුෂ්මන්ත චමීර, බිනුර ප්‍රනාන්දු, නුවන් තුෂාර. මතීෂ පතිරණ
බංග්ලාදේශය
ලිට්ටන් දාස් (නායක), තන්සිද් හසන්, පර්වේස් හොසේන් එමෝන්, සයිෆ් හසන්, තව්හිද් රිදෝයි, ජකේර් අලි අනික්, ශම්මි හොසේන්, ක්වායි නුරුල් හසන් සොහාන්, ශාක් මහේදි හසන්, රිශාද් හොසේන්, නසුන් අහ්මෙද්, මුස්තෆිසුර් රහුමාන්, තන්සිම් හසන් සකිබ්, තස්කින් අහමද්, ශොරිෆුල් ඉස්ලම්, ශයිෆ් උද්දින්.
එක්සත් අරාබි එමීර්
මුහම්මද් වසීම් (නායක), අලිශාන් ශරෆු, ආර්යන්ශ් ෂර්මා, අසිෆ් ඛාන්, දෘව් පරශර්, ඊතන් ඩිසූසා, හෙයිදර් අලි, හර්ශින් කෞශික්, ජුනෙයිද් සිද්දිඛී, මතිඋල්ලා ඛාන්, මුහම්මද් ෆාරූබ්, මුහම්මද් ජවදුල්ලාහ්, මුහම්මද් සොහෙයිබ්, රාහුල් චොප්රා, රොහින් ඛාන්, සිම්‍රන්ජීත් සිං, සග්හීර් ඛාන්.
හොංකොං
යසිම් මුර්තසා (නායක), බබර් හයාත්, සීශන් අලි, නියාසකත් ඛාන් මොහම්මද්, නස්රුල්ලා රානා, මාර්ටින් කොඑට්සී, අන්ශුමන් රාත්, කල්හන් මාර්ක් චල්ලූ, අයුශ් අශීස් ශුක්ලා, මොහම්මද් අයිසස් ඛාන්, අතීක් අල් රෙහ්මන් ඉක්බාල්, කින්චිත් ශාහ්, අදිල් මෙහ්මුද්, හරූන් මොහම්මද් අර්ශද්, අලි හස්සන්, ශහීද් වසිෆ්, ගසන්ෆර් මොහම්මද්, මොහම්මද් වහීද්, අනාස් ඛාන්, ඉශාන් ඛාන්.
ඕමාන්
ජතින්දර් සිං (නායක), හම්මද් මිස්රා, විනායක් ශුක්ලා, සුෆ්‍යන් යූසුෆ්, අශීෂ් ඔදෙදෙරා, ආමීර් කලීම්, මොහම්මද් නදීම්, සුෆ්‍යන් මෙහ්මූද්, ආර්යන් බිශ්ත්, කරන් සොනාව්ලේ, සික්‍රියා ඉස්ලම්, හස්නේන් අලි ශාහ්, ෆෙයිසල් ශාහ්, මුහම්මෙද් ඉම්‍රාන්, නදීම් ඛාන්, ශකීල් ඇහ්මද්, සමෙයි ශ්‍රීවාස්තව
ඇෆ්ගනිස්තානය
රශීඩ් ඛාන් (නායක), රැහ්මනුල්ලා ගුර්බාස්, ඉබ්්‍රහීම් සද්‍රාන්, ඩර්විශ් රසූලී, සිදීකුල්ලාහ් අතල්, අස්මතුල්ලාහ් ඔමර්සායි, කරීම් ජනත්, මොහම්මත් නබි, ගුල්බදින් නයිබ්, ශරෆුද්දීන් අශ්‍රෆ්, මොහම්මද් ඉශාක්, මුජීබ් අර් රහුමාන්, අල්ලාහ් ඝසන්ෆර්, නූර් අහ්මද්, ෆරීඩ් මලික්, නවීන් උල් හක්, ෆසල්හ් ෆරූකී.
සුසිල් ජයකොඩි
සංස්කරණය – සුසිල් ජයකොඩි
Saru FM Media