කහ ගැහුණු දත් කහවලින් සුදු කරන්නේ මෙහෙමයි

0
6

නිසි පරිදි පිරිසිදු නොකිරීමෙන් දත් ඉක්මනින් ම කහ පැහැ වෙන්නටත්, ඉන්පසු නරක් වෙන්නටත් පටන් ගන්නවා. සිනහව ආභරණයක්. පිරිසිදු දත් දෙපලක් ඔබේ රුව මෙන් ම සෞඛ්‍යය ද සුරකිනවා. අවර්ණ වූ දත්වල කහ පැහැය ඉවත් කරන්නට පහසු පිළියමක් අප ගෙන එන්නට හිතුවේ ඒ නිසයි.

අවශ්‍ය ද්‍රව්‍ය

  • කහ කුඩු මේස හැඳි දෙකක්
  • පොල් තෙල් මේස හැන්දක්
  • පෙපෙර්මින්ට් තෙල් ස්වල්පයක්

සාදා ගන්නා ආකාරය.

පොල් තෙල් හා කහ කුඩු භාජනයකට දමා හොදින් මිශ්‍ර කර ගන්න.
මිශ්‍රණයට පෙපර්මින්ට් තෙල් ටිකක් එකතු කර නැවත හොදින් මිශ්‍ර කර ගන්න.

භාවිතා කරන ආකාරය.

  • ඔබේ දත් බුරුසුව වතුරින් තෙත් කර ගන්න. ඉන්පසු දත් බුරුසුව මෙම මිශ්‍රණයට තුලට ගිල්ලවා දත් මදින්න.
  • විනාඩි පහක් පමණ කට නොසෝදා සිටින්න.
  • පසුව කට සෝදා හරින්න.

කහ භාවිතා කිරීම තුළින් දත්වල තියෙන සංකූලතා පහව යනවා. එමෙන්ම දත්වල තියෙන කහට ගතිය හා මැලියම් ගතිය මේ තුළින් පහසුවෙන්ම ඉවත් කර ගන්න පුළුවන්.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here