තමන් නිවැරදි යැයි කියා ගන්නා මිථ්‍යා මතයට එළඹ බෞද්ධ ජන සමාජය භේද බින්න කිරීම සඳහා කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක බවත් ඔවුන් දරන මතවාදය වැරදි සහගත බවත් මහානායක මාහිමිවරුන් ප්‍රධාන අදාළ විෂය පිළිබඳ ප්‍රාමාණික විද්වතුන් විසින් ඉතා ශාස්ත්‍රීය ආකාරයෙන් ඔප්පු කරනු ලැබ ඇතැයි දිවයින පුවත්පතේ ඊයේ (08දා) පළවූ ලිපියක් සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර ඇති දක්‍ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ඕමල්පේ සෝභිත නාහිමියන් පවසති.
උන්වහන්සේ නිකුත් කර ඇති නිවේදනයක මෙසේ සඳහන් වෙයි.
“ජාතියේ අවනඩුව අරන් හිමිවරු ජිනීවා වඩිති” යන මැයෙන් පළවූ ලිපිය සම්බන්ධවයි. ඉහත ලිපියෙන් කියැවෙන්නේ ඓතිහාසිකව සිදුවී ඇතැයි කියන අවනඩුවක් සම්බන්ධයෙන් ජිනීවා නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ සංවිධානයට පැමිණිලි කිරීම සඳහා ශ්‍රී ලාංකික භික්ෂු පිරිසක් එහි ගොස් ඇති බවය.
ඔවුන් කියන අවනඩුව වන්නේ, ශ්‍රී ලංකාවේ ඉතිහාසය හා බුද්ධ ශාසනය සම්බන්ධයෙන් තමන් දරන මතය දේශීය වශයෙන් ප්‍රතික්ෂිප්තව තිබීමයි. ඒ පිරිස නියෝජනය කරන අරියමග්ග නමැති සංවිධානයත්, මීවන පලානේ ථෙය්‍ය සංවාසක ප්‍රධාන පිරිසක් කියා සිටින්නේ, දඹදිව යනු ශ්‍රී ලංකාවේම බිම් කොටසක් බවත්, බුදුරදුන්ගේ උපත, බුද්ධත්වය හා පිරිනිවීම සිදුවූයේ මේ රටේදීම බවත්ය. තවදුරටත් ඔවුන් දන්වා සිටින්නේ තම මතය ඔප්පු කරලීමට එ.ජා.සං. වෙතින් සත්‍ය සෙවීමේ කොමිසමක් පත් කරන ලෙස ඉල්ලා සිටින බවත්ය.
“යුක්තිය” උදෙසා එ.ජා.සං. වෙතින් සත්‍ය සෙවීමේ කොමිසමක් පත් කරන ලෙස ඉල්ලා සිටින්නේ නම් එකරුණ ඉතා හොඳ බව පොදුවේ සංඝ සභාවන් විසින් ද පිළිගෙන ඇත. මේ පිළිබඳ අප රටේ අතිපූජ්‍ය මහානායක මාහිමියන් වහන්සේලා ද දන්වා සිටින්නේ එවැනි කොමිසමක් මගින් සත්‍ය ගවේෂණයක් කරන්නේ නම්, අදාළ විෂය පිළිබඳ සත්‍ය හා ධර්මානුකූල තොරතුරු ඉදිරිපත් කිරීමට තමන් වහන්සේලාටත් අවස්ථාව ලැබෙන බවය. ඒ අනුව මිථ්‍යා මත දුරුකර සත්‍ය තොරතුරු තහවුරු කිරීමට හැකියාව ලැබෙනු ද ඇත. එනිසා එබඳු කොමිසමක් පත් කිරීමට පියවර ගන්නා ලෙස අරියමග්ග සංවිධානය ඇතුළු පුද්ගලයන්ට අභියෝග කරන බව මේ රටේ සත්‍යකාමී ධර්මගරුක පැවිදි ගිහි සියලු දෙනා වෙනුවෙන් දන්වා සිටිනු කැමැත්තෙමි.
Saru FM Media