සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු සාමාජිකයන්ගේ දිනක වැටුප Rebuilding Sri Lanka අරමුදලට 

0
7

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු සාමාජිකයන්ගේ දිනක වැටුප දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය සහ ආපදාවට ලක් වූ රට යළි ගොඩනැඟීම  සඳහා අරඹන ලද  ‘Rebuilding Sri Lanka’ අරමුදලට පරිත්‍යාග කර තිබේ. 

ඒ් අනුව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ දිස්ත්‍රික් නිලධාරී ජී. වයි. බී. පෙරේරා මහතා විසින් ඊට අදාළ රුපියල් 40,870,686ක චෙක්පත ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙත ඊයේ (22) පිළිගන්වනු ලැබීය. 

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවි සෙනෙවිරත්න, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු යන මහත්වරුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.  

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here