රොක් සංගීත තරුවක් දිවිසැරිය නිමාකරයි

0
6

බ්‍රිතාන්‍ය රොක් සංගීත කණ්ඩායමක් වන සුපර්ට්‍රැම්ප් හි ප්‍රධාන ගායකයා මෙන්ම එහි සම-නිර්මාතෘවරයා වන රික් ඩේවිස් මියගොස් තිබේ.

මිය යනවිට ඔහු 81 හැවිරිදි වියේ පසුවිය.

“Goodbye Stranger” සහ “Bloody Well Right” ඇතුළු ගීත ඔහු විසින් රචනා කර ගායනා කළ ජනප්‍රිය ගීත වේ.

රුධිර පිළිකා රෝගය හෙතුවෙන් ඔහු පසුගිය සෙනසුරාදා මිය ගිය බව සුපර්ට්‍රැම්ප් සංගීත කණ්ඩායම සිය ෆේස්බුක් පිටුවේ සහ වෙබ් අඩවියේ නිවේදනයක් නිකුත් කරමින් අද (08) දැනුම් දී තිබුණි.

සුපර්ට්‍රැම්ප් කණ්ඩායමේ හයවන ස්ටුඩියෝ ඇල්බමය වන  “Breakfast in America” හි පිටපත් මිලියන 18 කට වඩා අලෙවි වූ අතර එය කණ්ඩායමේ ස්ථාවරත්වය තහවුරු කළේය.

එම ඇල්බමයට ග්‍රැමී සම්මාන දෙකක් හිමි වූ අතර ඇල්බමයේ ජනප්‍රිය ගීත අතරට “The Logical Song” සහ  “Take the Long Way Home.” ඇතුළත් විය.

එමෙන්ම 1988 වන තෙක් ඩේවිස් කණ්ඩායමේ නායකත්වය දැරූ බව සඳහන් වේ.

2015 දී, ඩේවිස්ට පිළිකා රෝග වැළඳී ඇති බව තහවුරුවීමත් සමඟ යුරෝපීය සංචාරයක සැලසුම් අවසන් කළේය.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here