රසවත් වටලප්පන් පහසුවෙන් හදන්නේ මෙහෙමයි.

0
11


පහසුවෙන් අතුරුපසට වටලප්පන් පිළියෙල කර ගන්න කැමතිද‍? මේ රෙසිපි එක ඒ ගැනයි.

අවශ්‍ය ද්‍රව්‍ය

  • කජු ග‍්‍රෑම් 50 ක්
  • බිත්තර 10 ක්
  • සාදික්කා තේ හැදි 1/4 ක්
  • කරදමුංගු තේ හැදි 1/2 ක්
  • කුඩු කරගත් හකුරු ග‍්‍රෑම් 500 ක්
  • පොල් කිරි කෝප්ප 2 ක්

පිළියෙල කරන ආකාරය

  1. පොල් කිරි ටික හකුරු එකට එකතුකර ගෙන එයටම සාදික්කා සහ කරදමුංගු දමා හකුරු දියවන තුරු කලවමි කරගන්න.
  2. දැන් බිත්තර වෙනම භාජනයකට දමා ගසාගන්න. ගසාගත් බිත්තිර හකුරු මිශ‍්‍රණයට දමා කලවම් කරගන්න.
  3. මෙම මිශ‍්‍රණය වෙනම භාජනයකට දමා උඩින් කජු කැබලිද දමා සීල් කර රයිස් කුකරයක ආධාරයෙන් මිනිත්තු  15 ක් පමණ හුමාලයෙන් තම්බාගන්න.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here